පිතිකරුවන් ගෙන් ගහන කණ්ඩායමක් වූ චෙන්නායි සුපර්
කිංග්ස් කාසියේ වාසිය ලබා චෙන්නායි හී චිදම්බරම් තණතීරුවේ පන්දුවට පහර දීමට තීරණය
කළ අතර එම තීරණය නිවැරදි බවට නායක මහේන්ද්‍ර සිං දෝනිට ප්‍රමාණවත් කරුණු එක් කළ
මුරලි විජේ සහ මයික් හසී ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු ඕවර් 10.2 ක් තුළ ලකුණු 87
ක් රැස් කළා.විජේ ගේ දැවී යාමෙන් පසුව කල්කටා පන්දු යවන්න්ගේ ඉරණම තව දුරටත් අභාග්‍ය
සම්පන්න කළ සුරේෂ් රයිනා පන්දු 38 ක් තුළ ලකුණු 73 ක් රැස් කළේ නියමිත පන්දු වාර
20 තුළ කඩුලු 3 ට ලකුණු 190 දක්වා සුපර් කිංග්ස් ඉණිමේ වටිනාකම ඉහළට ඔසවා දමමින්.මෙමලකුණු
ප්‍රමාණයට මයික් හසී ලකුණු 54 කින් දායක වූ අතර නායක මහේන්ද්‍ර සිං දෝනි නොදැවී ලකුණු
14 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී ජැක් කලිස් ලකුණු 34 ට,සකීබ් අල් හසන්
ලකුණු 25 ට සහ රජාට් බහතා ලකුණු 23 ට එක් කඩුල්ල බැගින් දවා ගන්නට සමත්
වුණා.පිළිතුරු ඉණිමට අවශ්‍යය වූ දැවැන්ත
ලකුණු 191 හඹා යාමට පිවිසි කල්කටා පිතිකරුවන් අතරින් නායක ගෞතම් ගාම්භිර් ට සාර්ථක
වීමට මෝනි මෝර්කල්ගෙන් අවස්ථාවක් ලැබුණේ නැහැ.ලකුණු පූවරුව 3 ක් ව තිබියදී
ගාම්භීර් ලකුණු 2 ට පිටියෙන් ඉව් වූයේ කල්කටා ඉණිමේ පළමු පන්දු වාරයේ අවසාන
පන්දුවට යි.ඉන් අනතුරුව කල්කටා පිළේ රකින් මනවින්දර් බිස්ලා ගේ ප්‍රවේගකාරී
පිතිකරණය සහ පළපුරුද්ද විසින් දායාද කළ ආක්‍රමණය සහ සංයමය මුසු ජැක් කලිස් ගේ
ඉණිමත් දෙවන කඩුල්ලේ සබදතාවය ලකුණු පන්දු ඔවර් 13.4 ක් තුළ ලකුණු 136 ක් දවා රැගෙන
ගිය අතර කල්කටාවට ජයග්‍රහණයේ ආශිර්වාදය ළගා කරන්නට සමත් වුණා.
පන්දු 48 කි් වාර්තා වූ බිස්ලා ගේ ලකුණු 89 මෙන්ම ජැක්
කලිස් ගේ පන්දු 49 කින් වාර්තා වූ ලකුණු 69 ත් කල්කටා කණ්ඩායම පහසු ජයක් කරා රැගෙන
යන බව පැහැදිළි කළත් අවසාන පන්දු ඕවර 2 පැමිණෙන විට ලකුණු 22 ක් පිටිපසින් මෙන්ම
කඩුලු 5 ක් අහිමිව තිබීමත් නිසා ජයග්‍රහණය දෙපසට දෝලනය වන බවක් පෙනෙන්නට
තිබුණා.එහිදී ශකීබ් අල් හසන් ලකුණු 11 ක් පන්දු 7 ක් තුළ දී ත් මනෝජ් තිවාරි ලකුණු
9 ක් පන්දු 3 ක් තුළදීත් ලබා ගනිමින් පීඩනයට එරෙහිව ආක්‍රමණය කැටි කරගත් කෙටි
ඉණිම් දෙකක් හරහා නියමිත පන්දු වාර 20 නිමා වීමට තවත් පන්දු 2 ක් තිබියදී කල්කටා
නයිට් රයිඩර්ස් කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියා.
තරගය සදහා දෙපිළටම කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ඇතුළත්
නොවුණු අතර කල්කටා කණ්ඩායමේ සංචිතයේ හෝ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුගේ නමක් දකින්නට
ලැබුණේ නැහැ.නමුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ඇතැම් විට පන්දුවෙන් ජයග්‍රහණ
පවා ගෙන දීමට මූලික වූ නුවන් කුලසේකර මෙන්ම සුරාජ් රන්දිව් ද ඇතුළත් ව සිටියද
ඔවුන් දෙදෙනාට අවසාන තරගයේදී අවස්ථාවක් ලබා දීමට චෙන්නායි සුපර් කිංග්ස් කන්ඩායම
කල්පනා කර තිබුණේ නැහැ.
තරගාවලියේ වීරයා ලෙස ක්‍රිකට් ලෝකයේ අලුත්ම සොයා ගැනීම
බවට පත්ව සිටින දකුණත් පිට දග පන්දු යවන සුනිල් නරීන් පත් වුණා.ඔහු තරග 15 ක් තුළ
ලකුණු 324 ක ලබා දෙමින් කඩුලු 24 ක් දවා ගෙන සිටි අතර කඩුලු 4 බැගින් දවා ගත්
අවස්ථා 4 ක් සටහන් කර තිබූ අතර තරගාවලියේ තරගයකදි කඩුලු 5 ක් දවා ගත් එකම පන්දු
යවන්නා වෙමින් ඔහු ලකුණු 19 ට කඩුලු 5 ක් දවා ගන්නටත් සමත් වුණා.
තරගයේ සමස්ථ ලකුණු සටහන මේ සමග දැක්වෙනවා.
1 comment:
මෙහි මෝනි මෝර්කල් ඇල්බි මෝර්කල් ලෙස නිවැරදි විය යුතුයි.එය පෙන්වා දුන් සුපිරික්‍රීඩා පාඨකයාට ප්‍රනාමය හිමි විය යුතුයි.දිල්ලි ඩෙයාර්විල්ස් පිළට ක්‍රීඩා කළ මෝනි මෝර්කල් තමයි මේ තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වුණේ
සුපිරික්‍රීඩා
Post a Comment