Jun 2, 2012

තිසර පරාජයෙන් ජය වෙන්කර දෙයි


ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන පකිස්තාන කණ්ඩායමේ ප්‍රථම තරගය වූ 20/20 තරගයේ දී  තිසර පෙරේරා ශ්‍රී ලංකා ඉණිමේ අග භාගයේ පෑ විශිෂ්ඨ පිති හරඹයත් උමාර් අක්මාල් දවා ගන්නට රැක ගත් විස්මිත උඩ පන්දුවත් නිසා ශ්‍රී ලංකාවට ලකුණු 37 ක ජයක් කරා යන්නට හැකිවිය.කාසියේ වාසිය ලැබූ නායක මහේල ජයවර්ධන පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර නමුත් ඒ තීරණය ඒ තරම් යහපත් එකක් නොවන බවට ඉගි පළ කරමින් ලකුණු 39 ක් වෙද්දී කඩුලු 4 ක් අහිමි වී තිබිණි.
Thisara Perera helped Sri Lanka reach a competitive totalඉණිම අතර මැද ලහිරු තිරිමාන්න පන්දු 25 කින් ලැබූ ලකුණු 30 මද සහනයක් ගෙන දුන්නද,17 වන පන්දු ඕවරයේ දෙවන පන්දුවට තිරිමාන්න දැවී යන විට ලකුණු පූවරුව කඩුලු 7 ට 89 ක් පමණක් විය.අන්තිම පන්දු ඕවර් 3 තුළ මෙම ලකුණු ප්‍රමාණය ලකුණු 132 ක් බවට පත් කළ තිසර පෙරේරා හයේ පහර දෙකක් සහ හතරේ පහර දෙකක් සමග නොදැවී රැස් කළ ලකුණු 32 රැස් කිරීමට සමත් වූයේ ශී ලංකාවට ජයග්‍රහණය පීළිබද සියුම් බලාපොරොත්තුවක් මෝදු කරමින්ය.සොහීල් ටන්වීර් ලකුණු 12 ට කඩුලු තුනක් ලබමින් ශ්‍රී ලංකා ඉණිම ආරම්භයේදී ම ලාංකේය පිතිකරුවන්ගේ ප්‍රහාරයන් හී ශක්තිය මොට කළ අයුරින්ම ක්‍රියාත්මක වූ නුවන් කුලසේකර ද පකිස්තානු ඉණිමේ පළමු පන්දු දෙකෙන්ම ලකුණු රහිතවම ඔවුන්ගේ ලකුණු පූවරුවේ දැවී ගිය කඩුලු ප්‍රමාණය දෙකක් බවට පෙරළා දැමුවේය.ඒ සදහා විශිස්ඨ උඩ පන්දු දෙකකින් දායක වූ තිලකරත්න ඩිල්ෂාන් පිතිකරණයේදී ශ්‍රී ලංකාවට ලබා දීමට නොහැකි වූ ආරම්භය පන්දු යැවීමෙන් ලබා දීමට මූලික විය.
පකිස්තානු ඉණිමේ ආරම්භක පිතිකරු අහමඩ් ෂෙසාද් පමණක් අටවන කඩුල්ල තෙක්ම සිය කඩුල්ල රැක ගනිමින් විශිෂ්ඨ පිතිහරඹයක් දියත් කළ ද චකිතයකින්‍ තොරව ශ්‍රී ලංකාවට මුහුණ දුන් පිතිකරුවෙක් ලෙස හැසිරෙනු දකින්නට ලැබුණේ උමාර් අක්මාල් ගෙන් පමණි.ඔහු ලකුණු 12 ක් ලබා ගනිමින් සිය ජව සම්පන්න ප්‍රහාරයන් සදහා අත්තිවරාම දමමින් සිටිය දී තිසර පෙරේරා රැක ගත් අර්ධ උඩ පන්දුව ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සම්පූර්ණ කිරීම සදහා වැටී තිබූ අත්තිවාරම ශක්තිමත් කළේය.
පිළිවෙලින් කුලසේකර,මාලිංග,සහ සේනානායක ලකුණු 13/ 2,12/ 2 සහ 20/ 2 ලෙස කඩුලු ලබා ගනිමින් පකිස්තානු පිතිකරු බල ඇණියේ ශක්තිය මොට කරන්නට පෙරමුණ ගත් අතර වඩාත් ලැපී පෙණුනු පන්දු යවන්නා වූ ඇන්ජලෝ මැතිවිස් සිය පන්දු ඕවර් 4 ලකුණු 8 ට සීමා කරමින් කඩුලු 2 ක් දවා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත් විය.පහත දැක්වෙන්නේ තරගයේ සමස්ථ ලකුණු විස්තරය යි. http://www.espncricinfo.com/sri-lanka-v-pakistan-2012/engine/current/match/562437.html

No comments: