May 28, 2012

සය වසරකට පසු සීවලිය යළි බොක්සිං ජය මාවතට පිවිසෙයි


https://mail-attachment.googleusercontent.com/attachment/?ui=2&ik=f1a5f47587&view=att&th=1379156d188ecb9f&attid=0.3&disp=inline&realattid=f_h2q3nuy82&safe=1&zw&saduie=AG9B_P-BT-fiKlt4iTuOOh5F2GE3&sadet=1338179613634&sads=i-c7u316f5ch5FF3Gczby6Ez5Dkමෑත ඉතිහාසයේ බොක්සිං පාසල ලෙස විරුදාවලි ලබා තිබූ යළිත් මද පසුබෑමක් පෙන් වූ රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලය සය වසරකට පසු එල්වී ජයවීර බොක්සිං කුසලානය දිනා ගනිමින් යළිත් ඩය මාවතට අවතීරණ විය.හොරණ මේධංකර විද්‍යාලයේ පැවති මෙවර එල්වී ජයවීර කුසලාන බොක්සි තරගාවලියේ සීවලියේ බොක්සිං ක්‍රීඩාවට වෙනදාටත් වඩා ආඩම්බර විය හැකි කාරනා විශාල ප්‍රමානයක් එක් වී තිබෙනු දකින්නට ලැබුණු අතර අනු සූරතාවය දිනූ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ පුහුණුකරු ලෙස කටයුතු කරන මාස් ආයතනයේ බොක්සිං පුහුණුකරුවෙකු වන රොහාන් දංගල්ල ද සීවලියෙන් බොක්සිං ක්‍රීඩාවට පිවිසි අයෙකි.
https://mail-attachment.googleusercontent.com/attachment/?ui=2&ik=f1a5f47587&view=att&th=1379156d188ecb9f&attid=0.1&disp=inline&realattid=f_h2q3nf910&safe=1&zw&saduie=AG9B_P-BT-fiKlt4iTuOOh5F2GE3&sadet=1338179390133&sads=HqfONSNQ19P9rS1VCZszEBYfxP4&sadssc=1
වසර ගණනාවකට පසුව ලද මේ ජයග්‍රහණය ලැබීමට පුහුණුකරුවන් ලෙස කටයුතු කරන උපුල් ඹදුශංඛ ගේ සහ තවමත් විද්‍යාපීඨ ගුරු සිසුවෙකු වන සීවලි බොක්සිං ක්‍රීඩකයෙකු වන ටීඑම් ධනංජය ගේ මග පෙන්වීම හේතු වූ බව පෙන්වා දෙන සීවලි ක්‍රීඩකයින් කලෙකට පසුව මෙවර නිවාසාන්තර බොක්සිං තරග පැවත්වීම සදහා ආශිර්වාද කරමින් විදුහල්පති කමල් ආරියසිංහයන් ලබා දුන් සහය නිසා එල්වී ජයවීර තරගාවලිය ජය ගැනීමට සමත් ක්‍රීඩකයින් පිරිසක් සොයා ගැනීමට හැකි වූ බව පැවසීය.විදුහල්පතිවරයාගෙන් මින් ඉදිරියට ලැබෙන සහයත් පුහුණුකරුවන්ගෙන් ලැබෙන සහයත්,බොක්සිං භාර ආචාර්‍යවරයාගේ සහ ආදිශිෂ්‍ය කණ්ඩායම් වෙනුවෙන් ප්‍රියන්ත වීරසිරි ඇතුළු පිරිස දක්වන කැපවීම සහ උනන්දුව මෙන්ම වර්ථමානයේ ශ්‍රී ලංකාවේ සිටින සුපිරිම පුහුණුකරුවෙකු වන වසන්ත කුමාර  නිරන්තරයෙන් මෙම පුහුණු කටයුතු අධික්ෂණයට ලක් කරමින් සහ සීවලියෙන් බිහි වූ සුපිරි ක්‍රීඩකයන් සෑම විටම තමන් පසුපස සිටීමත් මෙම ජයග්‍රහණයේ රහස බව සීවලි   සිසුවෝ තව දුරටත් පැවසූහ.
සුමංගල විද්‍යාලයට ජය ගෙන දීමට මග පෑදු වර්ථමානයේ ශ්‍රී ලංකාවේ සිටින කැපී පෙනෙන පුහුණුකරුවෙකු වන රොහාන් දංගල්ල වසර ගණනකට පසු සීවලිය මෙම ජයග්‍රහණය ලැබීම ගැන සතුටු වන බවත් වසන්ත කුමාර යටතේ බොක්සි කවයට පය තබා අද වන විට මාස් ආයතනයේ දයාබර කාරුණික මැදිහත් වීම මත තමන් සිටින ස්ථාවරය ගැන සතුට වන බවත් පෙන්වා දුන්නේය.තමාට සුමංගල විද්‍යාලයේ බොක්සිං පුහුණුවට මෙන්ම උපුල් මධුශංකට සීවලියේ බොක්සිං පුහුණුවටද ආශිර්වාද කරමින් තමන්ගේ සේවය අනාගත බොක්සිං ක්‍රීඩාවේ ප්‍රගමනය වෙනුවෙන් යොදවන්නට ඉඩ සළසා තිබෙන මාස් සමූහ වයාපාරයේ අධ්‍යක්ෂ ඩයන් ගෝමස්,මූල්‍ය පාළක  රුවන් කෑරගල ඇතුළු මාස් බොක්සිං පවුලට අයත් සියළු දෙනාටත් මෙම ජයග්‍රහණයේ අයිතිය හිමි විය යුතු බව දංගල්ල ගේ අදහසයි.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කිලෝ ග්රූම් 49 – 52 බර පංතියෙන් තරග වැදී ජය ලැබූ රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලයේ ලක්මාල් දයානන්ද තේරී පත් වූණු අතර තරගාවලියේ දක්සතම පරාජිතයා වූයේ උඩතලවින්න ජමීල් අස්වර් විද්‍යාලයේ එම්එච්එම් හම්සා ය.
සීවලි මධ්‍ය මහා විද්‍යාලය ජයග්‍රශණය සදහා රන් පදක්කම් තුනක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම්  දෙකක් සමග ලකුණු 29 ක් ලැබූ අතර අනු සූරතාවය දිනූ සුමංගල විද්‍යාලයට එක් රන් පදක්කමක් සහ රිදී පදක්කම් දෙකක් සමග ලකුණු 18 ක් හිමි විය.තෙවන ස්ථානය ලකුණු 17 බැගින් රැස් කළ මහනුවර සිල්වෙස්තර විද්‍යාලය සහ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාල අතර සමව බෙදිණි.

No comments: