සුගතදාස ක්‍රීඩාංගණයේ අභිනවයෙන් ඉදි කරන ලද නව ධාවන පථය
විවෘත කිරීම ක්‍රීඩා අමාත්‍යවරයා අතින් ඊයේ (30) සිදුවිය.ඒ විවෘතයෙන් පසුව ශ්‍රී
ලංකා මලල ක්‍රීඩාවේ දශක ගණනාවක අභිමානය ක්‍රීඩා හිතෛශීන්ගේ හදවත් තුළ යළි පුබුදු
කළ එස්එල්බී රෝසා,ඩබ්ලිව් විමලදාස,සුනිල් ගුණවර්ධන,කෝසල සහබන්දු සහ ඒ ප්‍රේමචන්ද්‍ර
යුගය ද,සුසන්තිකා ජයසිංහ,සුගත් තිලකරත්න සහ ශ්‍රියානි කුලවංශ ද නව ධාවන පථයේ වටයක්
දිව ගියේ යළිත් වසන්තයකට ආරාධනාවන් තබමින්ය.
බෞද්ධ චාරිත්‍ර වලට අනුව සෙත් පිරිත් සඡ්ඡායනා මැද විවෘත
වූ නව ධාවන පථයට පිවිසීමට ක්‍රීඩා අමාත්‍යවරයාට ද ආරාධනා ලැබුණ ද,සාමාන්‍ය පාවහන්
වලින් යුතුව එම ධාවන පථයට පිවිසීමෙන් ධාවන පථයට හානි විය හැකි නිසා අමාත්‍යවරයා එය
ප්‍රතික්ෂේප කිරීම අගය කළ යුතුය.නමුත් සිදුවීම ආවරණයට පැමිණි මාධ්‍යවේදීන්ට මෙම
තාක්ෂණය පිලිබදව අවබෝධයක් නොතිබි අතර ඔවුන් සාමාන්‍ය පාවහන් වලින් යුතුව ධාවන පථයේ
ඇවිදයාම කණගාටුදායක තත්ත්වයක් විය.
දියුණු ක්‍රීඩා සංස්කෘතියක් සහ මාධ්‍ය භාවිතයක් නිර්මාණය
කිරීමේ අවශ්‍යයතාවයට ක්‍රීඩා පරිපාලකයන්ගෙන් ලැබිය යුතු සහයක් ලෙස අවබෝධයෙන් යුතුව
එවැනි තාක්ෂණික කරුණු මාධ්‍යයට කරන ආරාධනාවන් තුළම සටහන් කළ හැකිනම් අගනේය. ධාවන
පථයේ විවෘතය සම්බන්ධ ඡායාරූප කිහිපයක් පසුව පළ කිරීමට බලා පොරොත්තු වේ.
No comments:
Post a Comment