කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ජූනි 9 දා සිට 12 දා දක්වා
පැවත්වීමට නියමිත ආසියානු මලල ක්‍රීඩා සූරතාවලිය නැරඹීම සදහා ප්‍රවේශපත්‍ර අවශ්‍යය
බවත්,එම ප්‍රවේශ පත්‍ර නොමිලේ ලබා දීමට තීරණය කළ බවත් ක්‍රීඩා අමාත්‍යංශය අවධාරණය
කරයි.එම ප්‍රවේශපත්, සුගතදාස ක්‍රීඩා
සංවර්ධන අධිකාරියට අයත් එම හෝටලයේ පවත්වා ගෙන යන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා
තරගාවලි ලේකම් කාර්යාලයෙන් ලබා ගැනීමට හැකි බව ද අමාත්‍යංශය වැඩි දුරටත් පැහැදිළි
කරයි.
රටවල් 31 ක සහභාගීත්වය ඇතිව පැවත්වීමට නියමිත 15 වන ආසියානු
මලල ක්‍රීඩා සූරතාවලිය සදහා සහභාගි වන රටවල් අතරින් පළමුවෙන්ම දිවයිනට පැමිණෙන කණ්ඩායම ලෙස නව දෙනෙකුගෙන් යුත් යේමන් මලල ක්‍රීඩා කණ්ඩායම අද කොටස් දෙකකට කටාර්
එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානා වලින් දිවයිනට ළගා වීමට නියමිතව තිබිණ.
No comments:
Post a Comment