ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා
උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබදව තොරතුරු ඇතුළත්
සංයුක්ත තැටියක් සෑම මාධ්‍යයක් වෙතම නිකුත් කිරීමට ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා
උළෙලේ මාධය අනු කමිටුව විසින් මේ වන විට කටයුතු කර ගෙන යමින් සිටියි.ඔහු ගේ හෝ
ඇයගේ ඉසව්ව මෙන්ම පෞද්ගලික හොදම දක්ෂතා ආදි කරුණු ගණනාවක් ඇතුළත් මෙම සංයුක්ත
තැටියේ එම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව සම්බන්ධ කර ගැනීමට හැකි මාර්ගය කවරේද යන්න ද
සදහන් වෙනවා.
ජූනි මස 5 වන දා සිට මෙම
සංයුක්ත තැටිය ජනමාධ්‍ය ආයතන වෙත ලබා ගැනීමට හැකි වනු ඇතැයි මාධ්‍ය ඒකකය විශ්වාස
කරන අතර දැනටමත් දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම ඔවුන්ගේ පෞද්ගලික
පුහුණුකරුවන් සමගද සියළුම ජනමාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡා කළ හැකි ආකාරයේ වැඩ
පිළිවෙලක් සකස් කරන්නට ජනමාධ්‍ය කමිටුව පියවර ගෙන තිබෙනවා.
No comments:
Post a Comment