වරාය අධිකාරි කණ්ඩායම (සුපර් ලීග්) |
ගුවන් හමුදා කණ්ඩායම (සුපර් ලීග්) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
විදේශ සේවා කණ්ඩායම (සුපර් ලීග්) |
ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම(සුපර්ලීග්) |
ජාතික
වොලිබෝලයට ලැබෙන රසවත් සත්කාරයක් බදු මංචි ජාතික වොලිබෝල් තරගාවලියේ ඒ සහ බී
කාණ්ඩයේ කාන්තා සහ පිරිමි අවසාන තරග ජූනි මස 2 දා මහරගම ජාතික තරුණ සේවා සභාවේදී
පැවත්වෙනවා.එදින පෙ.ව 8.00 ට කාන්තා බී කොටසේ අවසාන තරගය ටොරිංටන් කණ්ඩායම සහ
ගුවන් හමුදා කණ්ඩායම අතර පැවත්වෙනවා.පෙ.ව 10.00 ට එම කොටසේ අවසාන තරගය සදහා සහභාගි
වීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා යුධ හමුදාව
නියෝජනය කරන ඇහැළියගොඩ සහ මහනුවර කණ්ඩායම් දෙකයි.
එදින ප.ව 1.00 ට සුපර් ලීග් තරග මාලාවේ අවසාන තරග අරඹමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා කන්ඩායමට එරෙහිව පසුගිය වසරේ සුපර් ලීග් සූරියන් වූ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ත කාර්යාංශ කණ්ඩායම තරග වැදීමට නියමිතයි.මෙහිදී විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම ඉකුත් වසරේද විදේශ සේවා නියුක්ති කාර්යාංශයට එරෙහිව අවසාන තරගයේ ප්‍රතිවාදීන් ලෙස ක්‍රීඩා කිරීමයි. පිරිමි සුපර් ලීග් තරග වටයේ අවසාන තරගයට සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම ඉකුත් වසරේ තමන් දිනා ගත් සූරතාවය රැක ගන්නට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග තරග වදිනවා.

තරගාවලියේ දෙවන කාණ්ඩයේ ඉකුත් වසරේ කාන්තා සූරියන් වූ
මාවතගම කැෂුවලයින් කණ්ඩායම හෝ අනු සූරියන් වූ කොස්වාඩිය විජය කණ්ඩායම ද,එම කොටසේ
සූරයන් වූ තරුණ සේවා සභා කණ්ඩායම් ද අවසාන තරගයේ දී මෙවර දකින්නට ලැබෙන්නේ
නැහැ.මෙම තරගාවලියේ බී කොටසේ කාන්තා අවසාන පිරිමි අවසාන තරගයට ප්‍රධාන ආරාධිතයන්
පිලිවෙළින් ජාතික තරණ සේවා සභාවේ සභාපති ලලිත් පියුම් පෙරේරා සහ යුධ හමුදා
වොලිබෝල් කමිටුවේ සභාපති ඩීසීඑස් වන්නිආරච්චි එක් වීමට නියමිතයි.යෞවන කටයුතු සහ
නිපුණතා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම,ගුවන් හමුදාපති එයාර් වයිෂ් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම,විදේශ
සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාධිලංකාර සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්
රංජනී ජයකොඩි මෙම තරගාවලියේ සුපර් ලීග්
කාන්තා අවසාන තරගයට ප්‍රධාන ආරාධිතයන් ලෙස එක් වීමට නියමිතයි.එම පිරිමි අවසාන
තරගයට ප්‍රධාන ආරාධිතයන් ලෙස ශ්‍රී ලංකා වොලිබෝල් පාලක මණ්ඩලයේ සභාපති විදේශ
රැකියා ප්‍රවර්ධන සහ සුබ සාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා,ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද
අලුත්ගමගේ,ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ප්‍රියත් බන්දු වික්‍රමගේ, ජාතික
තේරීම් කමිටු සභාපති එයාර් වයිෂ් මාර්ෂල් කොලිත ගුණතිලක යන අය එක් වීමට නියමිතයි.
www.supirikrida.com
www.supirikrida.com
No comments:
Post a Comment