May 29, 2012

ජාතික සංචිත සදහා මහජන සම්බන්ධතා පිළිබද වැඩ මුළුවක්

http://www.beijing-pr.com/resources/LF_media_workshop.jpgජාතික ක්‍රීඩා මාධ්‍ය පදනම ක්‍රීඩා අමාත්‍යංශය සහ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සමග එක්ව සංවිධානය කරන ජාතික ක්‍රීඩා සංචිත වල සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංනිවේදනය සහ මහජන සම්බන්ධතා පුළුල් කිරීම සම්බන්ධ වැඩ මුළුව මැයි මස 31 දා පෙ.ව.9.30 ට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගේ ප්‍රධානත්වයෙන් පොල්හේන්ගොඩ පිහිටි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවත් වේ.
මේ සදහා ක්‍රීඩා අමාත්‍යංශයේ ලියාපදංචි ක්‍රීඩාවන් හී සියළුම ජාතික සංචිත සදහා ආරාධනා කර ඇති අතර ඒ අවස්ථාවට ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ සහ ජාත්‍යන්තර කීර්තියක් ශ්‍රී ලංකාවට ළගා කර දුන් දමයන්ති දර්ශා,සුගත් තිලකරත්න,ශ්‍රියානි කුලවංශ වැනි විශිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් එක් වීමට නියමිතය.
වැඩ මුළුව සදහා දේශකයන් ලෙස ප්‍රවීන ජනමාධ්‍යවේදීන් වන  අශෝක ගුණතිලක සහ දිනේෂ් වීරවංශත් ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ආරියරත්න ඇතුගලත් එක්වීමට නියමිතය.
www.supirikrida.com

No comments: