May 27, 2012

මල්හාස් ට රොග් ගේ කොඩියත් නැති වෙයි ද?

dalma-rushdi-malhas-may 25වුදි අරාබියාව කිසිදු ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්වකට කාන්තාවන් සහභාගි නොකිරීමට ගත් තීරණය හේතුවෙන් මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලට සහභාගි වීමේ බලාපොරොත්තුවෙන් සිටි සිංගප්පූරුවේ පැවති යොවුන් ඔලිම්පික් උළෙලේ දී අශ්වාරෝහක ඉසව්වලදී ලෝකඩ පදක්කමක් දිනා ගත් ඩැල්මා මල්හාස් ඇතුළු ක්‍රීඩිකාවන් පිරිසකට එම උළෙල නියෝජනය ට අවස්ථාව අහිමි වන බව වාර්තා වේ.මේ සම්බන්ධයෙන් ඔලිම්පික් කමිටු සභාපති ජැක් රොග්ස් ගේ සහයෝගය ඇතිව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ධජය යටතේ මෙම ඔලිම්පික් උළෙල නියෝජනයට සවුදි අරාබි කාන්තාවන්ට අවස්ථාව හිමි වෙනු ඇතැයි බලාපොරොත්තු පළ වුන ද තවමත් ඊට සහය ලැබෙනාකාරයේ සාර්ථක පිළිතුරක් ජැක් වෙතින් ද ලැබී නැත.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ කාන්තා සහ ක්‍රීඩා අංශයේ ඇනිටා ඩිෆ්‍රැන්ට්ස් මේ සම්බන්ධයෙන් දැඩි විවේචනයක සිටින අතර නිව්යෝක් හී පිහිටි ජාත්‍යන්තර මානව හිමිකම් කමිටුවක් දක්වා ද මෙම කාන්තා සහභාගීත්වයේ ගැටළුව දුර දිග ගොස් ඇත.නමුත් සුභවාදී ලෙස සෘජු ප්‍රකාශයක් නොකරන ඔලිම්පික් කමිටු සභාපිතිවරයා ‘අපි බලමු’ යන ස්ථාවරයේ සිට සවුදි අරාබි ක්‍රීඩිකාවන්ට අවශ්‍යය එලිම්පික් පරිසාධන මට්ටමට පිවිසෙන ලෙස ද ආරාධනා කරමින් සවුදි අරාබියා ඔලිම්පික් කමිටු ප්‍රධානිනන් ගේ අවසරය දිනා ගැනීමේ වැඩි ශබ්දයකින් තොර අරගලයක නිරත වෙයි.

No comments: