May 29, 2012

කෙටියි - සොදුරුයි


https://mail-attachment.googleusercontent.com/attachment/?ui=2&ik=f1a5f47587&view=att&th=137967e12fa04419&attid=0.1&disp=inline&realattid=f_h2rodtwe0&safe=1&zw&saduie=AG9B_P-BT-fiKlt4iTuOOh5F2GE3&sadet=1338260350250&sads=4tAx0Q-xmqwQMV3pf6ccfJnNxw4ශ්‍රී  ලංකාවේ පැවත්වීමට නියමිත ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ නිල වෙබ් අඩවිය,සුරතලා ,නිල ලාංඡනය මෙන්ම ගීතය එළි දැක්වීමටත් නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සූදානම් වූ හදිසි කෙටි උත්සවය චමත්කාරජනක එකක් වූයේ ම එහි කෙටි බව නිසාය.නිදහස් චතුරස්‍රය තෝරා ගනිමින් රාජ්‍ය තාන්ත්‍රික වටිනාකමක් සහිත එම උත්සවයට අභිමානවත් බවත් සරල බවත් මුසු කිරීමට එම තීරණයේ ප්‍රධානියා මෙන්ම වත්මන් මලල ක්‍රීඩා පරිපාලනයේ ප්‍රධානියාද වන මේජර් ජෙනරාල් දයා රත්නායකයන් ගත් උත්සාහය අගය කළ යුතුය.
https://mail-attachment.googleusercontent.com/attachment/?ui=2&ik=f1a5f47587&view=att&th=137967e12fa04419&attid=0.2&disp=inline&realattid=f_h2roeoo01&safe=1&zw&saduie=AG9B_P-BT-fiKlt4iTuOOh5F2GE3&sadet=1338260266601&sads=q7ZIv19jQke_XSOe_0gCdz1bMg0නමුත් මෙම අසිරිමත් කෙටි උත්සවය සමාජ ගත කිරීමේ සොදුරු නිමේෂයන් රූපවාහිණි සහ නිශ්චල කැමරා තුළ ප්‍රමාණාත්මකව තැන්පත් නොවුණේ එම අවස්ථාව හදිසියේ ම සංවිධානය වීම නිසා මෙන්ම හදිසියේ ලැබුණු ආරාධනයේ තිබූ ප්‍රායෝගික දෝෂයක් ද හේතුවෙන් ය.සාමාන්‍යයෙන් ක්‍රීඩා මාධ්‍යවේදීන්ට කාලයක් සකසා ගැනීමට තිබෙන අවස්ථාවන් නිශ්චය කර ගෙන මෙවැනි දේ පැවත්විය යුතු අතර සකස්කර ගත් කාල සටහනෙන් බැහැරව හදිසි තීරණ වෙනුවෙන් සකස්වීම අසීරු කටයුත්තකි.එමෙන්ම එම හදිසි ආරාධනයේ ටයි කෝට් පැළද පැමිණෙන ලෙස සදහන් කර තිබීමද හදිසි ආරාධනයක දී නොවිය යුතුව තිබිණ.නිදහස සංඛේතවත් කරමින් ඉදි වූ නිදහස් චතුරස්‍රයේදි එවැනි උත්සවයක් පැවත්වෙද්දී ටයි කෝට් ගැන කතා කිරීමම නැවත නිදහස ප්‍රශ්න කිරීමක් බැවින් එය එම ආරාධනයේ සදහන් නොවුණානම් අපූරුය.
එහෙත් කෙටි උත්සවයේ පෙළගැස්ම නම් සොදුරුය.අගය කළ යුතුය.උත්සවයේ ගීතය එළි දැක්වුණු අවස්ථාව ඉහළ ඡායාරූපයෙන්ද,පහළ ඡායාරූපයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා අතින් වෙබ් අඩවිය විවෘත වූ අවස්ථාවද එම අවස්ථාවට එක් වූ මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් දයා රත්නායක ‍සහ යොවුන් පොදුරාජ්‍ය මන්ඩලීය පදක්කම්ලාභී කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ ශිවන්තිකා කුමාරි රත්නායක ද ඡායාරූපයේ වෙති.

No comments: