මංචි ජාතික වොලිබෝල් තරගාවලිය හෙට මහනුවර හතරලියැද්ද මහා
විදුහලෙන් ඇරඹීමට නියමිතය.ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම ප්‍රධාන ආරාධිතයා
ලෙස මෙම අවස්ථාවට එක් වීමට නියමිතය.දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් ක්‍රියාත්මක වී
ජාතික මට්ටමට පිවිසෙන මෙම තරගාවලිය කාණ්ඩ දෙකක් යටතේ ක්‍රියාත්මක වන අතර ජාතික
මට්ටමේ අවසාන තරග මාර්තු 31 දා පැවත්වීමට නියමිතය.
ජාතික මට්ටමේ තරගාවලියන් හී අවසාන තරගය පමණක් නැරඹීමට
හුරුව සිටින ජාතික තේරීම් කමිටු සාමාජිකයන් මෙම තරගාවලියේ මුල සිටම තරග නැරඹීම
සදහා සහභාගි කරවීමට යෙදවීම වොලිබෝල් පරිපාලනය වගකීමක් කර ගත යුතුය.එළැඹෙන වසරේ
පැවත්වීමට නියමිත දකුණු ආසියානු තරගාවලි සදහා සංචිත නම් කිරීම සදහා යොදා ගන්නා
තරගාවලියක් ලෙස මේ තරගාවලිය ක්‍රියාවට නැගීම ඊට හේතු වන්නේය.
No comments:
Post a Comment