Feb 23, 2012

BYE පොන්ටින්

Ricky Ponting walks back after failing to reach 10 for the fifth successive innings
මේ දක්වා ලොව බිහි වූ සුපිරිතම පිතිකරුවෙකු ලෙස අවිවාදිත රිකී පොන්ටින් එක්දින පිටියෙන් සමු ගැනීමට තීරණය කළා.සුපිරි එක්දින ක්‍රීඩකයෙකු මෙන්ම එක්දින නායකයෙකු ද වූ රිකී පොන්ටින්,ලෝක කුසලාන දෙකක් දිනූ නායකයෙකු වන අතර ලෝක කුසලාන අවසාන තරග තුනකට නායකත්වය දෙන්නට සමත් වුණා.මේ හැකියාව පලකළ තවත් නායකයෙකුට සිටින්නේ බටහිර ඉන්දීය කොදෙව් නායක ක්ලයිව් ලොයිඩ් පමණයි.
නමුත් මේ වන විට 37 හැවිරිදි පොන්ටින් සිය ක්‍රිකට් දිවියේ එක්දින ක්‍රීඩකයෙකුට ඔබින ජාවාධික බවින් ක්‍රමයෙන් ඉවත් වෙමින් සිටිනවා.ඒ බව මේ මොහොතේ ක්‍රියාත්මක වෙමින් පවතින කොමන්වෙල්ත් බඅංකු තරගාවලියේදී හොදින්ම පැහැදිළි වුණා.එහෙත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පරිපාලනය රිකී පොන්ටින් ට යළි දක්ෂතා අතරට ඒමට අවශ්‍යය මානසික ශක්තිය කාන්දු කිරීම පිණිස මයිකල් ක්ලාක් ආබාධිත වූ විට උප නායක ඩේවිඩ් වර්නර්ට උප නායකත්වය පිරි නො'නමා පොන්ටින්ට නායකත්වය ලබා දීමට පියවර ගත්ත ද එහිදී ද ඔහුට සාර්ථක වීමට හැකි වුණේ නැහැ.ඒ අනුව කොමන්වෙල්ත් තරගාවලියේ ඉදිරි තරග වලින් පොන්ටින්ව ඉවත් කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබීමත් සමග පොන්ටින් මේ තීරණයට එළැඹ තිබෙනවා.
එක්දින තරග 375 දී ලකුණු 13,704 ක් ලබා ඇති පොන්ටින් එහිදී ශතක 30 ක් සහ අර්ධ ශතක 82 ක් ලබා ගන්නට සමත් වී තිබෙනවා.නමුත් වර්ථමාන නායක මයිකල් ක්ලාක් නායකත්වය ලබා ගැනීමෙන් අනතුරුව ප්‍රකාශ කළ පරිදිම නම,ප්‍රවීනත්වය ඉක්මවා ඕස්ට්‍රේලියාවට අවශ්‍යය දක්ෂතා යන්න බව එරට ක්‍රිකට් බලධාරීන්ගේ ද තීරණය වන නිසා පොන්ටින් ට එක්දින පිටියෙන් ඉවතට යනෙන පාර නවතා ගන්නට ඒ අතීත විභූතින් ප්‍රමාණවත් වූයේ නැහැ
www.supirikrida.com.

1 comment:

හෙලයෙකුගේ ලොවට said...

සුපිරිම ක්‍රීඩකයෙක්.. හොද එක්දින තරගකරුවෙක්..
නියම නායකයෙක්..