Feb 23, 2012

ක්‍රීඩා සමාජ දැල් පන්දු 3 - 4 කටුනායකදී -


ශ්‍රී ලංකා දැල් පන්දු අතුරු කමිටුව ක්‍රියාත්මක කරන ක්‍රීඩා සමාජ දැල් පන්දු තරගාවලිය මාර්තු 3 සහ 4 යන දෙදින තුළ කටුනායක දී පැවත්වීමට කටයුතු යොදා ඇති බව අතුරු කමිටු ලේකම් කුමුදුනී ගෝමස් පවසයි.ලීග් කුමයට ක්‍රියාත්මක වන මෙම තරගාවලියට ඒ සහ බී කොටස් වලට අමතරව අවුරුදු 19 න් පහළ සහ අවුරුදු 16 න් පහළ ලෙස කාණ්ඩ දෙකකින්ද තරග පැවත්වීමට කටයුතු යොදා ඇත.මෙම වයස් ඛාණ්ඩ තරග වලදී වයස සළකා බලන්නේ 2012 ජනවාරි පළමුවන දා පදනම් කරගෙන බව ද තරගාවලිය සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාවෙන් පෙන්වා දෙයි.තරගාවලිය සදහා ඇතුළත් වීම සදහා කණ්ඩායම් මෙම මස 27 වන දිනට පෙර තරගාවලිය සදහා සිය අයදුම්පත් යොමු කළ යුතුය.
මෙම ක්‍රීඩා සමාජ තරගාවලිය මීට ඉහත නුවර දී පැවත් වූ අවස්ථාවේ ගැටළු ගණණාවක් මතු වූ අතර එහි වගකීම දැරූ නිලධාරිණියම වගකීම දැරූ, දැයට කිරුළ දැල්පන්දු තරගාවලිය 'හුණු කොට්ටෙන් ෂේප් තරගාවලිය' ලෙස ප්‍රකට වූ අතර එම තරගාවලිය ද  කිසිදු ආකර්ශනයක් ඇති වන අන්දමෙන් සංවිධානය කිරීමට අපොහොසත් විය.ආරංචි ලැබෙන ආකාරයට මෙම තරගාවලිය ද සංවිධානය කිරීමේ වගකීම එම නිලධාරිනියම ලබා ගෙන ඇති අතර එහි අවසාන ප්‍රතිපලය ලෙස පවතින අතුරු කමිටුවේ අපොහොසත්භාවය පෙන්වා එහි ප්‍රධාන තනතුරක් සිය සමීප ඥාතියෙකුට ලබා දී තමන්ද පරිපාලනයට පිවිසීම අපේක්ෂාවෙන් කරන එකක් විය හැකි බව ඇය පිළිබද තොරතුරු දන්නා පිරිස් පෙන්වා දෙයි.
මීට පෙර ද ජාතික පුහුණුකාරියට අයදුම් පත් කැද වූ අවස්ථාවේ දී එම පරීක්ෂණය පැවත් වූ ආකාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ විට පරීක්ෂනය පැවත් වූ ආකාරය නිවැරදි බව කියූ එම පරීක්ෂණයට ඉදිරිපත් වූ ඇය පසුව සහය පුහුණුකාරිය ලෙසින් පත් වීම සදහා අවශ්‍යය පසුබිම සකස් කර ගත්තාය.අතුරු කමිටු සභාපතිණිය මෙන්ම ලේකම්වරිය ද දූෂණ හෝ අක්‍රමිකතා වලට සම්බන්ධබවට චෝදනා එල්ල කර අසමත් පුද්ගලයන් කිරීමට අපහසු තත්ත්වයක මේ ආකාරයෙන් ඔවුන් හා සුහදත්වයෙන් සිට වගකීම් පවරා ගෙන ඔවුන් අපහසුවට පත් කිරීම හෙවත් අගේ සිට කණ කෑම මෙම නිලධාරිණියගේ අලුත්ම උපක්‍රමය වී ඇති බව ද එම තොරතුරු පැහැදිළි කරයි.

No comments: