නුවන් කුලසේකරගේ පිත්තෙන් ජයග්‍රාහී ලකුණ වාර්තා වීමෙන් අනතුරුව තිසර සහ නුවන්
කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ
රටවල් තුනම තරග හය බැගින් නිම කර තිබෙන අවස්ථාවේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
එමින් ඕසට්‍රේලියාවට එරෙහිව කඩුලු 3ක ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකාව සමත්
වුණා.කාසියේ වාසිය දිනා ගෙන මුලින් පන්දුවට පහර දුන් ඕස්ට්‍රෙලියාව ලකුණු 280 ක්
ලබමින් දැවැන්ත ඉලක්කයක් ශ්‍රී ලංකාවට ලබා දුන්නද එම ලකුණු ප්‍රමාණය කඩුලු හතක්
දැවී පන්දු ඖවර් 49.2 ක දී ඉක්මවා යන්නට ශ්‍රී ලංකාවට හැකි වුණා.
එම දැවැන්ත ඉලක්කය හඹා යාමේදී ටීඑම් ඩිල්ෂාන් ගේ
දායකත්වය ලකුණු 3 ක් වුවත් ප්‍රථම කඩුල්ල වෙනුවෙන් මහේල සමග එක් කළ ලකුණු සබදතාවය
55 ක වීම පිළිතුරු ඉණිම වෙනුවෙන් හොද අඩිතාලමක් ලබා දුන්නා.ඉන් අනතුරුව මහේල
ජයවර්ධන සහ කුමාර සංගක්කාර ගේ දායකත්වය ලකුණු 22 ට සීමා වූ අතර ඉන් අනතුරුව තරගයේ
ශ්‍රී ලංකා ඉණිමේ හොදම සබදතාවය වූ ලකුණු 63 ක සබදතාවය මහේල සහ චන්දිමාල්
වෙතින් වාර්තා වුණා.පන්දු 81 දී ගලා ලකුණු 85 කින් හැඩ වූ මහෙල් ගේ දැවී යාමෙන්
අනතුරුව මේ වන විට මෙම තුන් කොන් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමින්
ලකුණු 80 ක් රැස් කළ චන්දිමාල් සහ ලහිරු තිරිමාන්න නම් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ
අනාගත වීරයන් දෙදෙනා යළිත ලකුණු ලකුණු 49 ක සබදතාවයක් සිව්වන කඩුල්ලට එක් කළා.
පස්වන කඩුල්ල වෙනුවෙන් යළිත් ඇන්ජලෝ මැතිව්ස් සහ
චන්දිමාල් වෙතින් ලකුණු 41 ක් එකතු වූ අතර හයවන කඩුල්ල ලෙස ෆර්විස් මහරූෆ ගේ දැවී
යාමෙන් අනතුරුව පිටියට පිවිසි,තිසර පෙරේරා ඉතිරි කර තිබූ කඩුලු ප්‍රමාණයේ වාසිය
අතට ගනිමින් පන්දු 11 ක් තුළ හයේ පහරක් සහ හතරේ පහර දෙකක් සමග ලකුණු 21 ක් ලබා
ගත්තා.49 වන පන්දු ඕවරයේ දෙවන පන්දුව තමන මුහුණ දුන් පළමු පන්දුව ලෙස භාර ගත් නුවන
කුලසේකර එය හතරේ සීමාවෙන් එපිටට ඇදී යාමට සළස්වමින් තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට
උරුම කර දුන්නා.
තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු නායකයා පළමුව
පන්දුවට පහර දීමට තීරණය කළ ද පන්දු ඕවර් 6.4 ක් ගත වෙන තැන කඩුලු දෙකක් ලකුණු 27 ට
අහිමි කර ගෙන සිටියා.නමුත් සිය තීරණය තණතිල්ල පිළිබදව විමසා බලා ගත් තීරණයක් බව
සනාත කළ මයිකල් ක්ලාක් තෙවන කඩුල්ල දැවී යන විට ලකුණු පූවරුව 181 දක්වා ගෙන යන්නට
පීටර් ෆොරස්ට් සමග සමත් වූ අතර ෆොරස්ට් මෙවර
තරගාවලියේ ප්‍රථම ශතකය වාර්තා කරමින් අගනා හැඩකාර ලකුණු 104 ක් ලබා ගැනීමට සමත්
වුණා.මේ තරගයේදී ද පන්දු යවන්නන් ප්‍රහාරයට ලක් වෙද්දී පවා නායක මහේල හිටපු නායක
තිලකරත්න ඩිල්ෂාන් වෙත පන්දු යැවීම නොපැවරීම ගැටළුකාරී වුණා.පිළිගත් එක්දින පන්දු
යවන්නෙකු වන ඩිල්ෂාන් ගෙවුණු ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණ
වෙනුවෙන් පන්දුවෙන් විශාල දායකත්වයක් දැක් වූවා.
කෙසේ වුවත් මයිකල් ක්ලාක් සහ ෆොරස්ට් වටාත් හසී
සොහොයුරන් තරගයේ අවසාන භාගයේ දැක් වූ ප්‍රවේගකාරී පිති හරඹයත් නිසා ලකුණු 280 ට
ගියද ශ්‍රී ලංකා පිතිකරුවන් අතර සුළුවෙන් හෝ කඩුලු අතර ඇති වූ ලකුණු සබදතා ශ්‍රී
ලංකාව ට සිය ඉලක්කය කර යන්නට මාවත විවර කර දුන්නා.තරගයේ තීරණය මෙන්ම සියල්ල
අභියෝගාත්මක ලෙස නැගෙන විට ප්‍රවේශම් සහගතව සහ ඉවසුම් සහගතව ඒවා මැඩ පවත්වන්නට
සැළසුම් සකස් කළ මහේල ජයවර්ධන තරගයේ වීරයා ලෙස සම්මාණනීය වුණා.
තරගයේ නිල ලකුණු සටහනට පිවිසෙන්නට පහත සබදතාවය යොදා ගත
හැකියි.
|
Feb 24, 2012
ශ්‍රී ලංකාව එක ට එයි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment