දිවයිනේ වැඩිම කණ්ඩායම් ප්‍රමාණයක්
සහභාගි වන ජාතික තරගාවලිය වන මංචි වොලිබෝල් ජාතික වොලිබෝල් සූරතාවලියට මෙවර
කණ්ඩායම් 4000 ඉක්මවා සහභාගි වනු ඇතැයි වොලිබෝල් පාළක මණ්ඩලයේ සභාපති සහ විදේශ
රැකියා ප්‍රවර්ධන සහ සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසනවා.වොලිබෝල් සූරතාවයක්
වෙනුවෙන් වැය කරන විශාලතම මුදල් ත්‍යාග ප්‍රදානය
කෙරෙන තරගාවලිය වන මංචි තරගාවලිය ක්‍රීඩාවට විශාල ආකර්ශණයක් ඇති කරන බව ද අමාත්‍යවරයා
එහි දී ප්‍රකාශ කළා.
නමුත් ප්‍රාදේශීය මට්ටමේ සිට
ජාතික තලය දක්වා පියවරෙන් පියවර දිවෙන මෙවැනි තරගාවලි අවසාන තරග වන තෙක් වොලිබොල්
තේරීම් කමිටුවල අධික්ෂණයට ලක් නොවීම සුලභ කරුණක් වී තිබෙනවා.මේ තත්ත්වය වොලිබෝල්
පරිපාලකයන් විසින් හදුනාගෙන ජාතික මට්ටමේ මූලික තරග ඇරඹෙන මොහොතේ සිට හෝ මෙම
තරගාවලිය ජාතික තේරීම් කමිටුවේ අධික්ෂණයට නතු වෙනවා නම් යහපත් බව සුපිරික්‍රීඩා
යෝජනා කර සිටිනවා.
මංචි තරගාවලියේ අනුග්‍රාහකත්වය
පිරිනැමීම වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවේ අවස්ථා කිහිපයක් මේ සමග වන ඡායාරූපවලින් දැක්වෙනවා.
www.supirikrida.com
www.supirikrida.com
No comments:
Post a Comment