දින දෙකකට පෙර ශ්‍රී ලංකාව වෙතින් ලද දැවැන්ත පරාජයේ
වාඩුව ඉන්දියාවෙන් ගත් ඕස්ට්‍රේලියාව කොමන්වෙල්ත්
බැංකු තරගාවලිය යටතේ ඊයේ පැවති තරගය ලකුණු 110 කින් ජය ගැනීමට සමත් වුණා.බ්‍රිස්බේන්
හී පැවති මෙම තරගයේ කාසියේ වාසිය ලත් ඕස්ට්‍රේලියාව තම නියමිත පන්දු වාර 50 තුළ
ලකුණු 288 ක් ලබා ගත්තා.කිසිදු පිතිකරුවෙකු විශාල ලකුණු ප්‍රමාණයකට නොගියද ඕස්ට්‍රේලියානු
ඉණිමේ හොද කඩුලු සබදතා ඇතිවන අයුරු කැපී පෙණුනා.
ප්‍රථම කඩුල්ල ට මැතිව් වේඩ් සහ ඩේවිඩ් වර්නර් විසින්
ලකුණු 70 ක් ද,තෙවන කඩුල්ලට මයික් හසී සහ පීටර්
ෆොරස්ට් අතර ලකුණු 100 ක් ද ඩේවිඩ් හසී සහ ඩැනියෙල් ක්‍රිස්ටියන් හයවන කඩුල්ලට
එක් කළ නොදැවුණු ලකුණු 65 ක් ද මෙම ඉණිම ශක්තිමත්ව ගොඩ නැගීමට පදනම වුණා.ඕස්ට්‍රේලියා
ඉණිමේ අර්ධ ශතකලාභීන් මතු වූ අතර ඒ අතරින් වඩාත්ම කැපී පෙණුනේ පන්දු 52 ක් තුළ
ලකුණු 59 ක් රැස් කළ මයික් හසී යි.පීටර් ෆොරස්ට් ලකුණු 52 ක් රැස් කළා.ඉර්ෆාන්
පතන් ලකුණු 61 ට කඩුලු 3 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉණිමට පිවිසි ඉන්දීය කණ්ඩායමේ පිතිතරුවන්ට
ස්ථාවර වීමට ඉඩක් ලබා නොදුන් බෙන් හිල්ෆෙන්හස්
සහ බ්‍රෙට් ලී ඉන්දීය පිතිකරුවන් ක්‍රීඩාගාරයට හරවා යැවීමේ ව්‍යායාමයේ
දිගින් දිගටම සාර්ථක වුණා.මහේන්ද්‍ර සිං දෝනි පමණක් උඩු ගං බලා යාමට උත්සාහ ගැනීමට
වෙහෙස වුව ද හිල්ෆෙන්හස් දෝනි ගේ ඉණිමද ලකුනු 52 ක් ලබා සිටිය දී අවසන් කළා.සමස්ත
ඉන්දීය ලකුණු පූවරුව 178 ට සීමා වෙද්දී හිල්ෆෙන්හස් ලකුණු 33 ට කඩුලු 5 ක් ලබා
තරගාවලියේ වීරයාට හිමිකම් කීවා.
තරගයේ ලකුණු විස්තරය පහත දැක්වෙනවා.
No comments:
Post a Comment