කලව ප්‍රදේශයේ ඇති වූ ආබාධයක් නිසා ශ්‍රී ලංකාව සමග
පැවති තරගයට ක්‍රීඩා නොකළ ඕස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක් අද ඉන්දියාව සමග
පැවත්වෙන තරගයේදී ද යළි ක්‍රීඩා
පිටියට පිවිසීම අවිනිශ්චිත බව විදෙස් ක්‍රීඩා ආරංචි මාර්ග සදහන් කරනවා.ඔහු ක්‍රීඩා නොකළ
තරගයේදී හිටපු නායක රිකී පොන්ටින් නායකත්වය දැරූ අතර නමුත් ඔහුට එම තරගයේදී
නායකයෙකු ලෙස සතුටුවිය හැකි ප්‍රතිපලයක් නොලැබුණු අතර ශ්‍රී ලංකාව තරගය කඩුලු
අටකින් ජය ගත්තේ,වරප්‍රසාද ලකුණක් ද දිනාගනිමින් ය.නමුත් අදත ක්ලාක් ක්‍රීඩා නොකරන්නේ නම් නායකත්වයේ වගකීම පොන්ටින්ටම පැවරෙනු ඇති බව ද ආරංචි මාර්ග සදහන් කරනවා.
කෙසේ හෝ ඉන්දියාව සමග පැවති තරගය මෙන්ම ශ්‍රී ලංකාව සමග
පැවති තරගයද පරාජය වී සිටින ඕස්ට්‍රේලියාව අද තරගයට එතරම් හොද මානසික විශ්වාසයකින්
මුහුණ දෙනු ඇතැයි කිව නොහැකියි.එසේම මෙම කණ්ඩායම් දෙකම අවසාන තරග දෙක තුළ ශ්‍රී
ලංකා කණ්ඩායමේ නැවත පිබිදීම පිළිබදව යම් මානසික පීඩනයක්ට මුහුණ දි තිබෙනු ඇතැයි ද
විශ්වාස කළ හැකියි.
No comments:
Post a Comment