Feb 22, 2012

ලංකාව දිනයි,ප්‍රසාද ලකුණ දෙවරක්ම චන්දිමාල් අතින් ගිලිහී යයි

Nuwan Kulasekara won the Man-of-the-Match award for his 3 for 40
කොමන්වෙල්ත් තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ පැවති ශ්‍රී ලංකා ඉන්දියා තරගයෙන් ලකුණු 51 ක අති විශිෂ්ඨ ජයක් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.දිනේෂ් චන්දිමාල් අතින් දෙවරක්ම විරාට් කෝලි ගේ උඩ පන්දු ගිලීහී නොගියේනම් මෙම ජයග්‍රහණය ප්‍රසාද ලකුණකුත් සමග හිමි කර ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව තිබුණු අතර එම සිදුවීම හැරෙන්නට ශ්‍රී ලංකාව මෙම තරගයේදී සෑම අතකින්ම ඉන්දියාවට වඩා බොහෝ ඉදිරියෙන් සිටීම කැපී පෙණන.
කාසියේ වාසිය හිමිකර ගත් මහේල පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර මෙම තරගාවලිය මුල අසාර්ථක වීම නිසා කණ්ඩායමෙන් ඉවතට ගිය උපුල් තරංග ගේ වගකීම පවරා ගත් මහේල යළිත් ඩිල්ෂාන් සමග එම තීරණයේ නිවැරදි බව තහවුරු කරමින් ආරම්භක කඩුලුලට ලකුණු 95 ක සබදතාවයක් පැවත්වීය.නමුත් ඒ සබදතාවය නිමා වීමෙන් පසු ලකුණු පූවරුව එක් වරම ලකුණු 124  ට කඩුලු 3 ක් වූ අතර එම අවස්ථාවේදී ශ්‍රී ලංකාව ගොඩ නැගීමේ කාර්යය පැවරුණේ ශ්‍රී ලංකාවේ අනාගත පිතිකරණ බලාපොරොත්තු යුගලය වන දිනේෂ් චන්දිමාල් ට සහ ලහිරු තිරිමාන්නටය.එම දෙදෙනා සිය වගකීම නොපිරිහෙළා ඉටු කරමින් සිව්වන කඩුල්ල ලෙස දිනේෂ් චන්දිමාල් දැවී යන විට ලකුණු පූවරුව 195 ක් දක්වා රැගෙන ඒමට සමත් විය.චන්දිමාල් ලකුණු 38 ක් ලැබූ අතර ලහිරු තිරිමාන්න පන්දු 62 ක් තුළ අගනා ලකුණු 62 ක් ලැබීය.ඒ විශ්වාසය පදනම් කරගෙන ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් නියමිත පන්දුවාර 50 නිමා වන විට නොදැවී ලකුණු 49 ක් ලබා සිටි අතර ඒ සදහා ඔහු වැය කළේ පන්දු 37 ක් පමණි.
Sri Lanka had plenty of support at the Gabba
ශ්‍රී ලංකා ඉණිමේ දී ලහිරු තිරිමාන්න පන්දු යවන්නාගේ කඩුල්ලේ දී හැසිරෙන ආකාරයේ දැඩි දුර්වල කමක් ප්‍රදර්ශනය කළ අතර සාමාන්‍යයෙන් පන්දු යැවීමට පෙර කඩුල්ලෙන් ඉදිරියට ඒම දැවී යාමට අවස්ථාවක් වුව ද නූතණ ක්‍රිකට් සදාචාරය එය ක්‍රියාවට ‍නගන්නේ නැත.නමුත් සදාචාරයට වඩා ජයග්‍රහණය ගැන පමණක් අපේක්ෂා කරන රවිචන්ද්‍රන් අශ්වින් ලහිරු ඒ ආකාරයෙන් දවා ගන්නට උත්සාහ කළ අවස්ථාවේ ඉන්දීය නායක විරේන්ද්‍ර ෂෙවාග් මෙන්ම ප්‍රවීන සචින් තෙන්දුල්කාර් ද ක්‍රිකට් සදාචාරයට මුල් තැන දෙමින් එම ඉල්ලීම ඉවත් කර ගැනීමට කටයුතු කළේය.නමුත් ලහිරු දිගින් දිගටම එම වරද සිදු කරන්නේ නම් ඔහුගේ සදාචාරයද ගැටළුකාරී වන අතර නීති ගරුක නොවීමද වැටෙන්නේ සදාචාර විරෝධි ක්‍රියා ගණයට බව ලහිරු සිහියට ගත යුතුය.
පිළිතුරු ඉණිමට පිවිසි ඉන්දියා කණ්ඩායම ට එම අභියෝගය භාර ගැනීමට නොහැකි බව පසක් කරමින් තරගයේ දෙවන පන්දුවේ දී ෂෙවාග් දැවී ගිය අතර එවිට ලකුණු පූවරුව 00 ක් විය.කඩුලු 3 ක් ලකුණු 54 ක් තුළ දැවී ගිය අතර ඉන් අනතුරුව චන්දිමාල් ගේ දුර්වලතාවයෙන් ප්‍රයෝජන ගත සුරේෂ් රයිනා සහ විරාට් කෝලි ඉන්දියාවට ජයග්‍රහණය පිළිබද යම් බලාපොරොත්තුවක් ඇති කරමින් සිවිවන කඩුල්ලට ලකුණු 92 ක සබදතාවයක් පවත් වන්නට සමත් විය.එහෙත් තිසර පෙරේරා ගේ ක්‍රියාත්මක වීමත් සමග ඉන්දීය පිතිකරු බල ඇණිය පැමිණ විගස ආපසු හැරී යන තත්ත්වයක් උද්ගත වූ අතර තිසර ලකුණු 37 ට කඩුලු 4 ක් ලබා ගත් අතර ඔහුට එරෙහිව හුදෙකලා වටනක නියැලි ඉර්ෆාන් පතාන් පන්දු 34 දී ලකුණු 47 ක් ලබා ගනිමින් ගත් උත්සාහයද අවසානයේ තිසරගේ පන්දුවක් හමුවේම ව්‍යර්ථ විය.තිසරගේ පන්දු ඉදිරියේ පෙරළා ලබා දුන් උඩ පන්දුවකින් පතාන් දැවී යාමත් සමග ඉන්දීය ඉණිම ලකුණු 238 ට සීමා විය.
තරගයේ සමස්ත ලකුණු විස්තරය සදහා පහත සබදතාවය භාවිතයට ගත හැකිය.
http://www.espncricinfo.com/commonwealth-bank-series-2012/engine/match/518963.html

www,supirikrida.com 

No comments: