රනිල් ගැමුණු අබේනායක ලොව ප්‍රකට ව සිටියේ රනිල් අබේනායක ලෙස ය.ඔහු ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකාවට ජාතික තලයෙන් සම්බන්ධ වීමට ප්‍රමාණවත් තරම් කාලයක් නොවිණ.හැකියාවන් පෝෂණය කරගෙන ක්‍රීඩකයෙකු ලෙස ඉදිරියට ඒමට වඩා රනිල් තුළ තිබූ චතුරත්වය ඔහුට ක්‍රීඩා පිටියේ ස්ථානයක් වෙන කර දුන්නේය.තණතිලි සැකසීමට ඔහු තුළ තිබූ දැණුම ක්‍රීඩා පිටියේ විස්තර අට්ටාලය තුළ ඔහුට වෙන්කළ ස්ථානය තවත් තහවුරු කළාක් මෙන්ම ආලෝකවත් ද කළේය.ඒ නිසා තරගයට පෙර තණතීරුව ගැන කරන විස්තර කථනය සදහා රනිල්ට විශාල අවස්ථාවක් හිමි වී තිබිණ.
දැන් ඒ අවස්ථාව ඇබෑර්තු වී ඇත.රනිල්ගේ බර හඩ නිහඩ වී ඇත.නමුත් හිස් අවකාශයේ රුදුණු ඔහු ගේ තණතීරුව පිළිබද තර්කාණුකූල ප්‍රකාශයන් ක්‍රිකට් ලෝලීන්ට යළි යළිත් ඇසෙනු ඇත.'රනිල් හිටියනම්' ඔව්හූ ආදේශකයන් දෙස බලා හෙට සිතනු ඇත.එහෙත් ඒ හඩ රැගෙන යළි ඔහු නොඑන්නේ සිය 57 වන උපන් දිනය සමරා දින 9 ට පසු ඔහු ගිය ගමන යළි පැමිණිය හැකි ගමණක් නොවන නිසාය.සහෘදයෙකු යනවාට අකමැති වුව,කිසිවිටෙක ඒ සහෘද බවට නැවතිය නොහැකි මරණය සොයා ඔබ ගියා ඉක්මන් වැඩි යැයි සිතුණද.ඒ නිසා ඇස්,හිත් කදුළෙන් දුකෙන් බර වුව ද, රනිල්! ගිය ඔබට නිවන් සුව පතනු හැර අන් කිසිවක් කිරීමට අපට නොහැකිය.මරණයේ හැටි එබදුය.ලොව නියත වශයෙන්ම යටත් කළ නොහැකි මරණයට ඔබ යටත් වුව ද ඔබේ හඩ සිත් තුළින් යටපත් කළ නොහැකි මතක බොහෝමයක් ඉතිරිකර තිබේ.ඒ මතක ඔස්සේ ඒ සියල්ලෝම ඔවුන් අදහන ආගම අනුව ඔබේ මරණයේ ගමණෙන් ලැබිය හැකි ඉහළම සැපත ඔබට ප්‍රාර්ථනා කරනවා නිසැකය.ඔබ විශ්වාස කළ ධර්මයට අනුව ඒ සියළු ආශිර්වාදයන් ඔබට යහපතක්ම කරනු ඇත.
සහෘදයාණෙනි !
අවසරයි!
www.supirikrida.com
No comments:
Post a Comment