කොමන්වෙල්ත් බැංකු තුන්කොන් තරගාවලියේ මේ වන විට ලකුණු
සටහනේ දෙවන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාවට ප්‍රථම ස්ථානය දක්වා පැමිණීමට අවස්ථාවක්
ලැබෙන තරගයක් ලෙස අද පැවත්වෙන ඕස්ට්‍රේලියාව සමග වන තරගය හැදින්විය හැකිය.දිනෙන්
දින දක්ෂතා අතින් වැඩෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්ථමාන ක්‍රීඩා විලාශය සහ
ඕස්ට්‍රේලියා කණ්ඩායම සිය රටේදී තම අභිමානය රැක ගැනීම උදෙසා සටන් කිරීමේදී ඇතිවන
පීඩනය ද ගත් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මානසික තත්ත්වය වඩාත් යහපත් තත්ත්වයක තිබෙන බව
පැහැදිළීය.
මේ තත්ත්වය මාධ්‍ය හමුවේදී ඕස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක්
පවා පිළිගෙන ඇති අතර අද තරගයට ආබාධිත තත්ත්වය සුව අතට හැරීමෙන් පසුව මයිකල් ක්ලාක්
එක් වීමට සුධානමින් සිටින්නේය.නමුත් අද සිට ඔවුන්ට කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා
වූ රිකී පොන්ටින් ගේ සහයෝගය නොලැබී යන අතර එය ද ක්‍රීඩා පිටිය තුළ දී කණ්ඩායම් ක්‍රියාකාරීත්වය
කෙරෙහි යම් බලපෑමක් ඇති කළ හැකිය.
ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකයේ කිසිම කණ්ඩායමකට නො’දෙවැනි
තුන් ඉරියව් සංචිතයකින් යුතුව තරග බිමට පිවිසෙන අතර එම කණ්ඩායමේ පන්දු යවන්නෙකු
ලෙස තිලකරත්න ඩිල්ෂාන්ගෙන් මේ දක්වා සේවයක් ලැබීමට නායක මහේල ජයවර්ධන කල්පනාවට
නොගැනීම ගැටළුකාරීය.රංගන හේරත් ගේ ස්ථානය සචිත්‍ර අලෙක්සැන්ඩර්ට පවරා ක්‍රීඩා කළ
හැකිනම් එය තවත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු සදහා කණ්ඩායමේ දොරටු විවර කිරීමක් මෙන්ම
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය සදහා වටිනා ආයෝජනයක් බවද කණ්ඩායම තේරීමේ දී මේ දක්වා
නොසළකා හැර තිබීම කණගාටුදායකය.
පසුගිය ලෝක කුසලාන තරගාවලියේදී පන්දුවෙන් මෙන්ම
පිත්තෙන්ද විශිෂ්ඨ දක්ෂතා දැක් වූ ඩිල්ෂාන් ලොව එක්දින ක්‍රීඩක වර්ගීකරණයේ තුන්
ඉරියව් ක්‍රීඩකයන් අතර ඉහළ ස්ථානයක වැජඹෙන අතර සචිත්‍ර කණ්ඩායමට කැදවා ඩිල්ෂාන් ද
යොදවා පන්දු යැවීම තුලනය කර ගන්නට කල්පනා කරන්නේ නම් එය ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා
වාසිදායක සහ අනාගතයට වඩා පලදායි තත්ත්වයක් විය හැකිය.
දැනට ශ්‍රී ලංකාව සහ ඕසට්‍රේලියාව තරග පහ බැගින් ක්‍රීඩා
කර ඇති අතර ලකුණු සටහනේ ලකුණු 14 ක් ලබා ඕස්ට්‍රේලියාව පළමු තැන ද ලකුණු 11 ක් ලබා
ශ්‍රී ලංකාව දෙවන තැන ද සිටියි.තරග 6 ක් ක්‍රීඩා කර ඇති ඉන්දියාව ලකුණු 11 ක් ලබා
පසු වන්නේ තෙවන තැනය.මෙම තරගාවලියේදී මූලික වටයේ තරග වල දී කණ්ඩායමකට තරග අටක් ක්‍රීඩා
කිරීමට සිදු වේ.
www.supirikrida.com
No comments:
Post a Comment