බැඩ්මින්ටන් ජගත් ශ්‍රේණිගත
කිරීම්වල පිරිමි අංශයේ 52 වන ස්ථානය දක්වා ඉහළ යන්නට නිලූක කරුණාරත්න ට හැකි වී
ඇත.ඊයේ සිදු වූ ජගත් ශ්‍රේණිගත කිරීම්වල දී නිලූකට 52 වන ස්ථානය දක්වා ඉදිරියට
පැමිණෙනන්නට හැකි වී තිබෙන අතර මේ අනුව නිලූක ගේ ඔලිම්පික් සුදුසුකම තව දුරටත්
තහවුරු වී ඇත.ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩා ඉතිහාසයේ ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක
පැමිණි ඉහළම ශ්‍රේණිගත කිරීම මෙය වන අතර ඊයේ මේ සම්බන්ධයෙන් නිලූකගෙන් කරන ලද
අදහස් විමසීමක දී පැවසුවේ ඉදිරි කාලයේදී තවත් තරගාවලි කිහිපයකට සහභාගි වීමේ
සූදානමින් සිටින බැවින් මේ තත්ත්වය තව දුරටත් යහපත් වේ යැයි තමා විශ්වාස කරන බවය.
විශේෂයෙන්ම තමා ගේ ඉදිරි
පුහුණුවීම් වල දී විදෙස් පුහුණුකරුවෙකුගේ සහය ලැබෙනු ඇති බවත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ
මැදිහත් වීම ඇතිව අනුග්‍රාහකත්වයක් ලැබෙනු ඇති බවටත් ඒ තත්ත්වය මත තමාට වෙනදාට වඩා
සැහැල්ලුවකින් තරග වැදීමට හැකි වනු ඇති බවටත් නිලූක විශ්වාසය පළ කළේය.
මීට පෙර ඔලිම්පික් නියෝජනයට
සුදුසුකම් ලැබීමට තිබූ ක්‍රීඩකයෙකු ලෙස හැදින්විය හැකි නිලූකට ජාත්‍යන්තර මට්ටමේ
තරග අවස්ථා ප්‍රමාණාත්මකව නොලැබී යාම නිසාත් යම් යම් පරිපාලකයන් ගේ දුර්දාන්ත ක්‍රියාකළාපයන්
නිසාත් එම අවස්ථාව වැළකී ගියේය.අද වන විට නිලූකට අවස්ථා ගණනාවකදීම පරාජය වූ ක්‍රීඩකයින්
ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන පහළොව තුළ රැදෙනු දැකිය හැකි අතර කලක් අංක පහට සිටි
සහ වර්ථමානයේ අංක නවයට සිටින වියට්නාම ක්‍රීඩක ටියෙන් මින් න්ගුයෙන් ද නිලූක අතින්
දෙවරක්ම පරාජය වූ ක්‍රීඩකයෙකු වීම ඒ සදහා හොදම උදාහරණයකි.
මේ අතර චීනය,ජපානය සහ කොරියාව වැඩි උනන්දුවක් දක්වන
බවක් පෙනෙන්නට නොමැති වුව ද කණිෂ්ඨ ශ්‍රේණිගත කිරීම් වල කාන්තා 49 වන ස්ථානය දක්වා
ශ්‍රී ලංකාවේ තිළිණි හෙන්දහේවා ට පැමිණිමට හැකි වී තිබීම ද අගය කළ යුතු තත්ත්වයකි.තවමත්
15 හැවිරිදි තිළිණි ශ්‍රී ලංකාවේ අනාගත බැඩිමින්ටන් ක්‍රීඩා බලාපොරොත්තුව ලෙස
අවිවාදයෙන්ම හැදින්විය හැකිය.ඇය සුරැකිය යුතු සම්පතක් ලෙස සළකා මේ මොහොතේ සිටම ඇය
වෙනුවෙන් මේ රටේ ක්‍රීඩා බලධාරීත්වය විශේෂ වැඩ පිළිවෙළක් සකසන්නේ නම් තිළිණි ශ්‍රී
ලංකාවට අනාගතයේදී ඉමහත් කීර්තියක් අත් කර දිය හැකි ක්‍රීඩිකාවක බවට පත් වෙනු නො’අනුමානය.
විශේෂයෙන්ම ඇයගේ අධයාපනයට ද
හානියක් නොවන පරිදි ඇයට විදේශයක ක්‍රීඩා පුහුණුවට සහ අධ්‍යාපනයට අවස්ථාවක් ලබා
දීමට ක්‍රීඩා බලධාරීන්ගේ මැදිහත් වීම සිදු වන්නේ නම් එය ලාකේය බැඩ්මින්ටන් ක්‍රීඩාවේ
අනාගතයට වැදගත් කමක් වනු ඇත.එසේම එහිදී අධ්‍යාපනික පහසුකම් තරමටම ක්‍රීඩාව ගැන
ඇයගේ උනන්දුව සහ කැපවීම දැරීම පිණිස දෙමව්පිය අධීක්ෂණය සහ අවධානය යොමු කරන බවට
දෙමව්පිය පොරොන්දුවක් ලබා ගැනීමද වැදගත් අතර නැතිනම් ක්‍රීඩාවේ සහ රටේ සුභ සිද්ධිය
සදහා වැය කරන මුදල් යමෙකුගේ පෞද්ගලික දියුණුව සදහා වැය කිරීමක් විය හැකි තත්ත්වයන්
පිලිබද උදාහරණ ඉතිහාසයේ දැකිය හැකිය.
No comments:
Post a Comment