ඊයේ චීනයේ මැන්ග්සොව් හී දී නිමාවට පත් වූ පස්වන ආසියාතික ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියේ දී කටාරය නියෝජනය කළ 21 හැවිරිදි මුටාස් එස්සා බර්ෂිම් මීටර් 2.37 ක උසක් තරණය කරමින් නව ආසියාතික ගෘහස්ත උස පැනීමේ වාර්තාවේ හිමිකාරයා වන්නට සමත් වුණා.මීට දින කිහිපයකට ඉහත ගෘහස්ත තරග සමයේ හොදම උස ලෙස ඇන්ඩ්‍රි සිල්නොව් ඉක්මවා ගිය මීටර් 2.36 මේ දක්වා මේ වසරේ හොදම උස ලෙස වාර්තා වුව ද මුටාස් ගේ දස්කමත් සමග එම උස දෙවන තැනට පත් වෙනවා.
එසේම මේ වසරේ ගෘහස්ත හෝ විවෘත ක්‍රීඩා පිටියක වාර්තා වූ හොදම උස පැනීමේ දක්ෂතාවය ලෙසත් මුටාස් ගේ දක්ෂතාවය ඇගයීමට පත් වෙනවා.
දැනට කියුබාවේ ජාවියර් සොටෝමේයර් ගෘහස්ත උස පැනීමේ ලෝක වාර්තාවට මෙන්ම විවෘත උස පැනීමේ වාර්තාවට ද හිමිකම් කියනවා.විවෘත පිටියේදී මීර් 2.45 ක් වූ ජාවියර් ගේ දක්ෂතවය ගෘහස්ත පිටියේදී මිටර් 2.43ක් ලෙස සටහන් වෙනවා.මෙහි ගෘහස්ත වාර්තාවට1989 දී මෙන්ම විවෘත වාර්තාව 1993 දී පිහිටා තිබෙනවා.මීට සතියකට පෙර මුටාස් ගෘහස්ත උස පැනීමේ වාර්තාව අත්කර ගත් අතර ඊයේ යළිත් එය අලුත් කළාවිවෘත පිටිියේ වාර්තාව හිමිවන්නේ චීනයේ ජිඇන්සුවා සායි ට ය.
No comments:
Post a Comment