Feb 25, 2012

පාළක මණ්ඩල පිල පැරදවූ ස්කොට්ලන්තය බදුරලිය ඉදිරියේ අසරණ වෙයි



මේ දිනවල 20 – 20 ජගත් ක්‍රිකට් සූරතාවලිය ඉලක්ක කරගෙන කැනඩා සහ ස්කොට්ලන්ත ජාතික කණ්ඩායම් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් සිටින අතර ඊට අදාළව බදුරලිය කණ්ඩායම සහ ස්කොට්ලන්ත ජාතික කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 22 ක ජයක් ලබන්නට බදුරලිය කණ්ඩායමට හැකිවිය.ශ්‍රී ලංකා ක්‍රිකට් පාළක මණ්ඩල පිල සමග පැවති තරගය කඩුලු හතරකින් ජය ගෙන සිටි ස්කොට්ලන්ත ක්‍රීඩකයන් ට මෙම තරගයේදී බදුරලිය ක්‍රීඩකයන් ලබා දුන් ලකුණු 139 ඉක්මවා යාමට ස්කොට්ලන්ත ක්‍රීඩකයන් ගත් උතසාහය ලකුණු 117 දී නැවතිණ.
පළමුව පන්දුවට පහර දුන් බදුරලිය කණ්ඩායමේ කඩුලු හතට ලබා ගත් ලකුණු 139 පෝෂණය කිරීමට නිලූෂන් නෝනිස් 28,ශාලික කරුණානායක 26,ප්‍රධාන වශයෙන් දායක වූ අතර එම ලකුණු ප්‍රමාණය හඹා ආ ස්කොට්ලන්ත උත්සාහය ව්‍යර්ථ කිරීමට මූලිකත්වය ගත් දිනේෂ් දර්ශනප්‍රිය ලකුණු 16 ට කඩුලු 4 ක් දවා ගත්තේය.අලංකාර අසංක ලකණු 16 කඩුලු 2 ක් සහ රොෂාන් ලක්සිරි ලකුණු 31 ට කඩුලු 2 ක් දවා ගන්නට සමත් විය.
බදුරලිය කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ප්‍රවීන ක්‍රීඩා මාධ්‍යවේදී රන්ජන් පරණවිතානය.

No comments: