Feb 20, 2012

නිලූක පස්වන ජාත්‍යන්තර තරගාවලියත් ජය ගනියි - පරාජිතයා ලෝක කණිෂ්ඨ අනු සූරයා


රානයේ පැවති ජබාර් කසලාන අන්තර් ජාතික බැඩ්මින්ටන් සූරතාවලිය ජයගත් නිලූක කරුණාරත්න, තෙමසකට ආසන්න කාලයක් ඇතුළත  පස්වන ජාත්‍යන්තර තරගයද ජය ගනිමින් සිය හැකියාව විදහා පෙන්වීය.බැඩ්මින්ටන් පරිපාලනයේම ඇතැම් නියෝජිතයන් නිලූක ගේ ජාත්‍යන්තර ජයග්‍රහණවල වටිනාකම හෑල්ලුවට ලක් කිරීමට උත්සාහ දරණ තත්ත්වයක් තුළ නිලූක මෙම තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ලකුණු 21 / 17 සහ 21 /15 ක් ලෙස නිලූක විසින් පරාජයට පත් කළේ ලෝක කණිෂ්ඨ අනු සූරයා වන ඉන්දියාවේ සමීර් චර්මා වීම ද විශේෂත්ත්වයකි.
නිලූක මෙම ජයග්‍රහණ අතරතුර ලොව මුල් පෙළේ සිටින ර්‍කඩකයන් 30 දෙනා අතර සිටින ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම පරාජය කර තිබෙන අතර මේ කිසිවක් ගැන අවධානය යොමු නොකොට මෙම ක්‍රීඩකයා මේ සියළු ජයග්‍රහණ ලබා ගන්නේ තරගයකින් තරගයකට අවශ්‍යය ශාරීරික යෝග්‍යතාවය සැකසීම වෙනුවෙන් ශෘරිරික සම්භාහකයෙකුගේ හෝ සහය නොමැතිව බව අමතක කරමින් ඇතැම්හූ දක්වන අදහස් සුපිරික්‍රීඩා පිළිකලෙන් යුතුව හෙළා දකිමු.අප කිහිප වාටෙකදීම පෙන්වා දුන්න ද මේ වන විටත් ඔලිම්පික් තරගාවලිය නියෝජනය සදහා අවශ්‍යය සුදුසුකම සපුරා තිබෙන නිලූක වෙනුවෙන් තව දුරටත් ඉදිරියට යාම වෙනුවෙන් අවශ්‍යය දායකත්වය ලබාදීම වෙනුවෙන් අවශ්‍යය භෞතික වටපිටාව නිර්මාණය කිරීම පසෙක ලා පරිපාලනයට සම්බන්ධ ඇතැම් පිරිස් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර මට්ටමෙන් පැමිණි ඉහළම තැන මෙසේ හෑල්ලුවට ලක් කිරීමට උත්සාහ දැරීම ලාංකේය බැඩ්මින්ටන් ක්‍රීඩාවේම අභාග්‍යයකි.
නිලූක ට මෙම තරගාවලි සියල්ල වෙනුවෙන් ඔහු වෙළද තානාපති ලෙස කටයුතු කරන මැක්ලරන්ස් ආයතනයෙන් ලැබෙන අනුග්‍රාහකත්වයත් මනිලාල් ප්‍රනාන්දු ගේ අත දීමත් විශාල ශක්තියක් වී ඇති අතර,හිටපු ඇතැම් බලධාරීන් ශ්‍රී ලංකාවට මේ ක්‍රීඩකයාගෙන් ලැබිය හැකි ජයග්‍රහණ ගැන නොසිතා ඔහුගේ තරග දිවිය හමාර කිරීමට ගත් උත්සාහයන් ව්‍යර්ථ කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා පනවන ලද තරග තහනම අඩු කිරීමට ගත් උත්සාහයද මේ ජයග්‍රාහී ගමණට විශාල ශක්තියක් වී ඇත.

No comments: