දක්ෂතාවය අනුව ලන්ඩන් ඔලිම්පික් උළෙලේ සාර්ථකත්වයට
කාන්තාවගේ දායකත්වය ඉහළින්ම ලබා ගැනීමට කටයුතු කරන බව ලන්ඩන් ඔලිම්පික් උළෙලේ
මෙහෙයුම් ප්‍රධානි හිටපු මැදි දුර සූර සෙබස්තියන් කෝ පෙන්වා දෙනවා.ජාත්‍යන්තර
ඔලිම්පික් කමිටුවේ මෙහෙයවීමෙන් දකුණු කැලිෆෝර්නියා ඔපිම්පික් කමිටුව විසින් ලොස්
ඇන්ජලීස් නුවර සංවිධානය කරන්නට යෙදුණ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ පස්වන කාන්තා
සහ ක්‍රීඩා සමුළුව අමතමින් කෝ මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ කාන්තා හා ක්‍රීඩා කටයුතු
අංශයේ ප්‍රධානි ඇනීටා ඩිෆ්‍රාන්ට්ස් මෙම සමළුව මෙහෙයවීම සදහා මූලිකත්වය ගෙන කටයුතු
කර ඇති අතර එහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ කෝ, පෙන්වා දී ඇත්තේ ලන්ඩන් ඔලිම්පික්
උළෙල වෙනුවෙන් සේවය සළසන ශ්‍රම බලකායෙන් සියයට 54 ක් කාන්තාවන් බවයි.එසේම ලන්ඩන්
ඔලිම්පික් උළෙලේ සංනිවේදන සහ මහජනසම්බන්ධතා පිළිබද කමිටු සභාපති ධූරය කාන්තාවක් වන
ජැකී බ්රොක් ඩොයිලි ට හිමි වී ඇති අතර ක්‍රීඩා කටයුතු සම්බන්ධයෙන් වන කමිටු සභාපති
ධූරය දරන්නේ ද කාන්තාවක් වන ඩෙබී ජෙවාන්ස්ය.මේ ඔලිම්පික් ඉතිහාසයේ මෙවැනි වගකීම්
කාන්තාවන් දරන පළමු අවස්ථාව ද වෙනවා.
ඡායාරූපයේ වම් පසින් ඩෙබී ජෙවාන්ස් ය.දකුණු පසින් ජැකී ඩොයිලි ය.
No comments:
Post a Comment