Jan 15, 2013

නිලූක විශිෂ්ඨයන් සමග මැලේසියාවේදී ගැටෙයි

ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩක සහ ලොව අංක 37 වන ස්ථානයට ශ්‍රේණිගතව සිටින නිලුක කරුණාරත්න,අද මැලේසියාවේ ක්වාලම්පූර් හී පුත්‍රා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ඇරඹෙන MAYBANK මැලේසියා විවෘත ‍බැඩ්මින්ටන් සූරතාවලියේදී තරග බිමට පිවිසීමට නියමිතය.ලොව අංක එකේ ක්‍රීඩකයා ලෙස සැළකෙන වොනග් ලි චොයි මෙන්ම ඔලිම්පික් තරගාවලියේදී නිලූක අතින් පරාජයට පත් එවකට ලොව අංක 8 ක්‍රීඩකයාව සිටි සහ වර්ථමානයේ ලොව අංක 4 ක්‍රිඩකයාව සිටින කෙනචි ටාගෝ ද මෙම තරගාවලියට ඉදිරිපත්ව සිටියි.
අද තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ තරග කරුවන්ගේ තරග පැවත්වෙන අතර ලොව අංක 38 සිටින ඉන්දීය ක්‍රීඩක එම්වී ගුරුසායිදත්ට ද එම වටය නියෝජනය කරමින් සුදුසුකම් ලබන්නට සිදු වී තිබීමෙන් මෙම තරගාවලිය නියෝජනය කරන ක්‍රීඩකයන්ගේ ප්‍රබලත්වය පිළිබද සිතා ගැනීම අපහසු නැත.
නිලූක හෙට සිය ප්‍රථම තරගයේදී ලොව අංක 18 ට ‍ශ්‍රේණි ගතව සිටින ඩෙන්මාර්කයේ හාන්ස් - ක්‍රිස්ටියන් විටින්ග්හස් සමග ගැටෙන්නට නියමිත අතර එම තරගය ජය ගතහොත් සුදුසුකම් ලැබීමේ වටයේ ජයග්‍රාහකයෙකු සහ ලොව  16 වන ස්ථානයට ශ්‍රේණිගතව සිටින චීනයේ වැන්ග් ෂෙන්මින්ග් සමග වන තරගයේ ජයග්‍රාහකයාට මුහුණ දිමට සිදු වනු ඇත.
www.supirikrida.com

No comments: