![Mathurage Don Kushal Janitha Perera](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_tYGpCzUX48HkqzBvkEs2duuavkJFhqYkUmTxT3_LMHSMC6egapkjB1lkuIvFpF9pfc4xqYWu_v1wSbzv_oz3yT20VX6Z6QXndbgRV9-jM20-97VzXs5RmaE9gbBmOcyI-rbIPjog=s0-d) |
කුසල් |
![Kane William Richardson](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_tQLM47IZzloDqP1m5elOqx7_um6xy-yvCxM4ZXpe66-Ur0f4aeTy0ViKT4_oDQN7qX3x7FL_3m6bTxZfZYnshDkmfnCFdgTKYwXKGWLenSWm533W0lXA8XfrS-zPtKjocFcUYG=s0-d) |
කෙන් |
![Benjamin Colin James Cutting](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_tiMXADAl31OKCOJwIA3LcHNceCa4tAR7KjFlTizeq9rXvmvAZVD69XgfCRAG3-Uqe6RjFoL68FKg9zp2gXi5eX9B3-pgnjUBtq70At1Y-Fwk92oFRIH6Ni3iiU37035BxRMBlV=s0-d) |
බෙන්
|
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවත්වෙන දෙවන එක්දින තරගයේදී පළමු වරට ජාත්‍යන්තර එක්දින පිටියට පිවසීමට ඕස්ට්‍රේලියාව වෙනුවෙන් කේන් රිචඩ්සන් සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් ජනිත පෙරේරා තරග බිමට පිවිසීමට නියමිත අතර ඕස්ට්‍රේලියාව වෙනුවෙන් කෙන්ට අමතරව බෙන් කටින්ග් ද අද ජාත්‍යන්තර එක්දින තරග බිමට පිවිසීමට නියමිතය.
23 හැවිරිදි කෙන්, ස්ට්‍රැක් වෙනුවට වේග පන්දු යවන්නෙකු ලෙස අද තරග බිමට පිවිසෙන අතර 25 හැවිරිදි කටින්ග් පිතිකරුවෙකු ලෙස කවාජා ගේ ස්ථානය දිනා ගනිමින් අද තරගයට ඇතුළත්ව සිටියි.පළමු එක්දින තරගයේදී මෙන්ම අවසන් ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා සටන්කාමි ඉණිම් දෙකක් ක්‍රියාත්මක කළ දිනේෂ් චන්දිමාල් ලකුණු අතර සිටින මොහාතක ආබාධයකට ලක් වීම ශ්‍රී ලංකාව පැත්තෙන් අවාසිදායක තත්ත්වයක් ලෙස දැකිය හැකි අතර ඒ වෙනුවට අද එක්දින තරග වරම් ලබමින් කඩුල්ල පිටුපස වගකීම භාර ගැනීම පැවරී ඇත්තේ 22 හැවිරිදි කුසල් ජනිත් පෙරේරාට ය.
No comments:
Post a Comment