අන්තර් පළාත් ක්‍රිකට් තේරීම් සම්බන්ධයෙන් කෙරුණු හෙළිදරව් වලට අනුව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඒ පිලිබදව කරන ලද විමසීමට අනුව මෙරට ඉතිරිව සිටින තේරීම් කමිටු සාමාජිකයන් දෙදෙනා සහ තවත් විශේෂ විමර්ශකයන් කිහිප දෙනෙකු අතරේ කෙරුණ සාකච්ඡාවක් මත එම කණ්ඩායම් වලට තවත් ක්‍රීඩකයන් 20 ක් ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.ඒ අනුව කණ්ඩායමකට නම් කර සිටින ලද 15 දෙනාගේ ප්‍රමාණය 19 දක්වා ඉහළ යනු ඇත.
ක්‍රිකට් පාළක මණ්ඩලයේ පුහුණුකරුවන් යැයි කියා ගන්නා පිරිසක් යටතේ පුහුණුව ලබන ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටම දස්කම් අතර නැතත් පළමු තේරීම් වලදී අවසෟථාව හිමි වී තිබුණේ දක්ෂතා අතර සිටින ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටම කිසිදු කණ්ඩායමක අවස්ථාව අහිමි කරමින්ය.නමුත් හෙළිදරව් කිරීමෙන් පසුව අමාත්‍යවරයා කරන ලද විමසීමට අනුව තවත් ක්‍රීඩකයන් 20 දෙනෙකුට අවස්ථාව හිමි වී ඇතත්,පළමු තේරීමේ දී පාළක මණ්ඩල පුහුණුකරුවන් යටතේ පුහුණුව ලැබීම පදනම් කරගෙන කණ්ඩායමට ඇතුළත් වූ පිරිස ද ඉවත් කිරීමට කටයුතු කර නැත.
තේරීම් කමිටුව ප්‍රශ්නය අසන සැනින් කර පිස දෑමට පුහුල් හෙරා පිළිබදව ක්‍රිඩා අමාත්‍යවරයාට අමුතුවෙන් පැහැදිළි කර ගැනීමක් අවශ්‍යය නොවන අතර ඒ නිසා වහාම සමස්ත තේරීම් සදහා පදනම් වූ නිර්නායකයන් නිරීක්ෂණය කිරීම මෙන්ම ඒ හරහා අන්තර් පළාත් තරග වලදී සැබෑ දක්ෂයන්ට අවස්ථාව ලැබෙන ආකාරයේ උත්තේජනයක් සැපයීම ද අමාත්‍යවරයා විසින් පැහැර නොහරිනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.
No comments:
Post a Comment