ඕස්ට්‍රේලියාවේ නම ගිය පිතිකරුවන් සි්‍යව දෙනාම ඉතා ඉක්මණින් ක්‍රීඩාගාරයට හරවා යැවූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් ලසිත් මාලිංග ට ලකුණු 14 ට කඩුලු 3 ක් හිමි වූ අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 10 ට කඩුලු 1 ක් සහ සමින්ද එරංග ලකුණු 14 ට කඩුලු 1 ක් දවා ගැනීමට සමත් වූහ.ඕස්ට්‍රේලියාවේ නමගිය කිසිදු පිතිකරුවෙකුට සිය නම ඉදිරියේ ඉලක්කම් දෙකක ලකුණු සංඛ්‍යාවක් සටහන් කර ගැනීමට අවස්ථාව නෙලැබි අතර තරගයේ හොදම කඩුලු සබදතාවය ලෙස මිචෙල් ස්ට්‍රැක් සහ ඩොරති ක්ෂේවියර් අවසන් කඩුල්ලට ලකුණු 30 ක් එක් කර ගත්තේය.එම දෙදෙනාගේ නම ඉදිරියේ පමණක් ඉලක්කම් දෙකේ ලකුණු සටහන් වූ අතර ස්ට්‍රැක් ලකුණු 22 ක් නොදැවී ලබා ගත් අතර ඩොරති ලකුණු 15 ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉණිමට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉණිම ඇරඹීමට උපුල් තරංග ගේ ස්ථානය නායක මහේල ජයවර්ධන බාර ගෙන තිබිණ.නමුත් ප්‍රතිපලය වූයේ මහේල ද එම ස්ථානයේ තරංග මෙන්ම අසාර්ථක වීමය.මහේල එක ලකුණකට දැවී ගිය අතර තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 22 ක් ලබා ගැනීමට සමත් විය.නමුත් ලකුණු 33 දී පිට පිටම කඩුලු දෙකක් දැවී ගොස් ශ්‍රී ලංකා ලකුණු පූවරුව කඩුලු 4 ට ලකුණු 33 ක් වූ අතර මේ අවස්ථාවේදී කුසල් ජනිත් තමන්ට කණ්ඩායමේ ස්ථානයක් හිමි වීම සම්පූර්ණයෙන් නිවැරදි ක්‍රියාවක් බවට සනාත කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය දක්වා රැගෙන යමින් නොදැවී ලකුණු 22 ක් එක් කළේය.කුසල් සහ ජනිත්ට අමතරව පසු පෙළට පැමිණි තරංග පමණක් ඉලක්කම් දෙකේ සීමාවට පිවිසෙමින් ලකුණු 12 ක් රැස් කළ ද ඔහු ද දැවී ගිය අතර ශ්‍රී ලංකාව ජයග්‍රාහී ඉලක්කයට පිවිසෙන විට කඩුලු 6 ක් අහිමි කර ගත්තේ,ප්‍රිස්බේන් තණතිල්ල පිලිබදව ද යම් කුකුසක් ඇති කරමින්ය.
ඕස්ට්‍රේලියාව වෙනුවෙන් තරගය සිය වාසියට හරවා ගැනීමට උත්සාහ කළ පන්දු යැවීමේ බල ඇණියේ ප්‍රධාන භූමිකාව බවට පත් වූ මිචෙල් ජොන්සන් ලකුණු 11 ට කඩුලු 3 ක් ලබා ගත් අතර මිචෙල් ස්ට්‍රැක් ලකුණු 25 ට කඩුලු 2 ක් දවා ගැනීමට සමත් විය.
තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවයෙන් පිවිසිය හැකිය.http://www.espncricinfo.com/australia-v-sri-lanka-2012/engine/current/match/573016.html
www.supirikrida.com
No comments:
Post a Comment