ඕස්ට්‍රේලියාව ප්‍රථම තරග දෙක සදහා පමණක් කණ්ඩායම නම් කළ අතර ජෝජ් බේලි ගේ නායකත්වයෙන් යුතු එම තරුණ කණ්ඩායම ඕස්ට්‍රේලියානු පරිපාලනය විසින් හදුන්වා දී තිබුණේ,2015 වර්ෂයේ ලෝක කුසලාන ඉලක්කය හදුනාගැනීම සදහා භාවිතයට ගන්නා කණ්ඩායමක් ලෙස ය.නමුත් දෙවන එක්දින තරගයේදී ශ්‍රී ලංකාව වෙතින් පරාජයට වීමට එම කණ්ඩායමට සිදු වු අතර එහිදී නිවැරදිව දක්ෂතා අතරට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පළපුරුද්ද සහ දක්ෂතා අතරින් එම ඕස්ට්‍රේලියානු කණ්ඩායමට වඩා බොහෝ ඉදිරියෙන් සිටිනු දැකිමත් සමග ඕස්ට්‍රේලියාව සිය අනාගත සැළසුම් පසෙක ලා,තරගාවලිය ජය ගැනීම සදහා ප්‍රවීනයන්ගේ සහය ලැබීමට තීරණය කර ඇත.
ඒ නිසා තෙවන එක්දින තරගයේ සිට ඕස්ට්‍රේලියාව සිය ප්‍රවීනයන් සමග තරගාවලියට ප්‍රවේශ වෙමින් ජයග්‍රාහී මානසිකත්වයට පිවිස සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝග කිරීමට උත්සාහ දරනු ඇත.ඇතැමි විට දිනේෂ් චන්දිමාල් සුවය ලබා ඇතැයි විශ්වාස කළ හැකි අතර එසේ වුවහොත් ශී ලංකාව මෙම තරගයේදී නියෝජනය කිරීමට දෙවන එක්දින තරගය නියෝජනය කරමින් සිය ප්‍රථම එක්දින ජාත්‍යන්තර තරගයේදී දක්ෂතා ප්‍රදර්ශනය කළ කුසල් ජනිත් පෙරේරා ට සිය ස්ථානය අහිමි වී යා හැකිය.ඇතැම් විට එය එසේ සිදු නොවී,මෙම තරග දෙකම දක්ෂතා අතර නොසිටි උපුල් තරංග ට කණ්ඩායමෙන් පිටතට විත් ආරම්භක පිතිකරු ලෙස අත්දැකීම් ඇති දිනේෂ් චන්දිමාල්,ලහිරු තිරිමාන්න හෝ කුසල් ජනිත් ට එම ස්ථානය භාර දෙන්නට ද සිදු විය හැකිය.
www.supirikrida.com
No comments:
Post a Comment