ඇන්ජලෝ 19 වන ඕවරයේදී පිටියට පිවිසෙන විට ලකුණු 99 ක් තුළ කඩුලු 4 ක් වයඹ කණ්ඩායමට අහිමි වී තිබුනු අතර ලකුණු 108 දී පස්වන කඩුල්ල ද සිය කණ්ඩායමට අහිමි විය.එතැන් සිට ඇන්ජලෝ සහ කුලසේකර අතර නොබිදි ලකුණු 149 ක සබදතාවයක් ක්‍රියාත්මක වූයේ හරියටම පන්ු ඕවර 22 ක් තුළ ය.
තරගයේ කාසියේ වාසිය ලැබූ වයඹ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට බස්නාහිර කණ්ඩායමට ආරාධනා කළ අතර එම කණ්ඩායම වෙනුවෙන් ඉණිම ඇරඹූ තිලකරත්න ඩිල්ෂාන් ගේ සහෝදරයා වන ටීඑම් සම්පත් සහ මහේල උඩවත්ත පන්දු ඕවර් 18.5 ක් තුළ ලකුණු 91 ක් ලබා ගනිමින් බස්නාහිර ලකුණු පූවරුව දැවැන්ත ඉලක්කයට ගෙන යාමට අවශ්‍යය අඩිතාලම දැමීය.උඩවත්ත ලකුණු 63 ක් සහ සම්පත් ලකුණු 49 ක් ලැබූ අතර නමුත් අනතුරුව පැමිණි පතිකරුවනට එම යහපත් තත්ත්වය ආරක්ෂා කර ගැනීමට නොලැබිණ.චතුර රන්දුණු සිය වමත් දග පන්දුවේ හැකියාවෙන් ලකුණු 52 ට කඩුලු 4 ක් දවා ගත්තේ පන්දු ඕවර් 50 තුළ කඩුලු 8 ට ලකුණු ලකුණු 255 ක් ලබා ගනිමින්ය.සම්පත් සහ උඩවත්තට අමතරව ඉෂාන් ජයරත්න තරගයේ අවසාන පන්දු ්වර් කිහිපයේදි පන්දු 26 ක් තුළ නොදැවී ලබා ගත් ලකුණු 33 සහ රුමේෂ් බුද්ධික ලැබූ ලකුණු 33 බස්නාහිර පිලේ සෙසු කැපී පෙණුන ඉණිම් අතර විය.
වයඹ ට හයවන කඩුල්ලේ නොබිදි වටිනා සබදතාවයට අමතරව නායක ජෙහාන් මුබාරක් එකතු කළ ලකුණු 51 ද විශාල ශක්තියක් වූ අතර තරගයේ සමස්ත ලකුණු විස්තරය පහත සබදතාවයෙන් ලබා ගැනීමට හැකිය.http://www.espncricinfo.com/sri-lanka-domestic-2012/engine/current/match/600408.html
මේ අතර මුවර්ස් පිටියේ පැවති උතුර සහ නැගෙනහිර එකාබද්ධ කණ්ඩායම සහ ඌව සහ කදුරට ඒකාබද්ධ කණ්ඩායම අතර තරගයේදී උව - කදුරට කණ්ඩායමේ පන්දු යැවීම ඉදිරියේ උතුර - නැගෙනහිර කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 86 ක් පමණි.කාසියේ වාසිය දිනූ ඌව - කදුරට කණ්ඩායම පළමුව පන්දු රැකීමට ගත් තීරණයේ නිවැරදිබව සනාත කළ එම කණ්ඩායමේ අමිල් ප්‍රසාද් ලකුණු 35 ට කඩුලු 5 , දිල්හාර ප්‍රනාන්දු ලකුණු 16 ට කඩුලු 3 සහ සචිත්‍ර සේනානායක ලකුණු 20 ට කඩුලු 2 උතුර - නැගෙනහිර කණ්ඩායම ලකුණු 84 සීමා කරද්දී එම කණ්ඩායමේ පිතිකරුවන් අතරින් ඉලක්කම් දෙකේ ලකුණු ලබා ගැනීමට සමත් වූයේ මයික්ල වැන්ඩොට් (30) ,මිලින්ද සිරිවර්ධන (20) සහ කෞශල්‍ය්‍යය වීරරත්න පමණි.
එම ලකුණු ප්‍රමාණයට පන්දු ඕවර් 17 ක් තුළ ළගා වූ ඌව - කදුරට කණ්ඩායම ඒ වෙනුවෙන් වැය කළේ කඩුලු 2 ක් පමණි.කෞශාල් සිල්වා නොදැවී ලකුණු 40 ක් එක් කළ අතර නායකතිළිණ කණ්ඩම්බි නොදැවී ලකුණු 25 ක් එක් කළේය.තරගයේ සමස්ත ලකුණු විස්තරය සදහා පහත සබදතාවයෙන් පිවිසිය හැකිය.http://www.espncricinfo.com/sri-lanka-domestic-2012/engine/current/match/600409.html
www.supirikrida.com
No comments:
Post a Comment