ක්‍රීඩා අමාත්‍යංශය විසින් පළාත් සහ දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධනයට අදාළ ව්‍යාපෘති හරහා කුඩා පරිමාණයේ ක්‍රීඩාංගණ වල ක්‍රීඩා කිරීමට අවශ්‍යය මූලික පහසුකම් ස්ථාපිත කිරීම සදහා මෙන්ම ක්‍රීඩා කළ නොහැකි ක්‍රීඩාංගණ ක්‍රීඩා කළ හැකි මට්ටමට ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් ලක්ෂ 20 ට අඩු ව්‍යාපෘති යටතේ ක්‍රීඩාංගණ සංවර්ධනයට රුපියල් මිලියන 369 ක් වැය කර ඇත.2012 වර්ෂයේ දී මෙතරම් මුදලක් වැය කරමින් එම ක්‍රීඩා පිටි සංවර්ධනයට අවධානය යොමු කිරීම පිළිබදව කරුණු පැහැදිළි කරන ක්‍රීඩා අමාත්‍යංශය ක්‍රීඩා අමාත්‍යවරයාගේ ක්‍රීඩා පහසුකම් ග්‍රාමීය මට්ටම දක්වා ව්‍යාප්ත කිරීමේ සංකල්පය අනුව,මෙරට ක්‍රීඩා සංස් කෘතියක් නිර්මාණය කිරීමේදී ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනයට විශේෂ තැනක් ගබා දීම සදහා මෙම ව්‍යාපෘතියේ අරමුණ බව අනාවරණය කරයි.
www.supirikrida.com
No comments:
Post a Comment