ක්‍රීඩා අමාත්‍යවරයා ජනමාධ්‍යය හරහා කරන හෙළිදරව් ගැන නිතර හොයා බලන බව ප්‍රකාශ කරන අතර මෑත දී අන්තර් පළාත් ක්‍රිකට් තරග සදහා ක්‍රීඩකයන් නම් කිරීමේදී එම තත්ත්වය නිවැරදි කිරීමට ද අමාත්‍යවරයා විසින් පාදක කර ගත්තේ ජනමාධ්‍යය ඔස්සේ වාර්තා වූ තොරතොරුය.
නමුත් බේස්බෝල් සංගමය සිය ජාතික තරගාවලියේම දිගුවක් ලෙස ලීග් තරගාවලිය පැවත්වීම සදහා කණ්ඩායම් අටක් ජාතික තරගාවලියේ උපරිම දක්ෂතා මත තෝරා ගෙන කටයුතු කරන අතර,එහිදී ලීග් තරගාවලියට ජාතික තරගාවලියට සහභාගි වූ පරාජිත කණ්ඩායම් වල ක්‍රීඩකයන් ඇතුළත් කිරීමට හැකියාව ලැබෙන පරිදි බේස්බෝල් සංගමයේ නිලධාරීන්ම බේස්බෝල් ක්‍රීඩා සමාජ වලින් ලිපියක් අත්සන් ලබා ගැනීම අප විසින් ඉදිරිපත් කළ ද ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරමින් පවසා සිටින්නේ ජනමාධ්‍යයෙන් කරන කරුණු මත පදනම්ව පමණක් එවැනි දේ සොයා බැලිය නෙහැකි බවය.ඇය ඒ පිළිබදව නියෝජ්‍ය අධ්‍යක්ෂ විජේරත්නයන් දැනුවත් කිරීමෙන් පසුව ඔහු විසින් ලබා දුන් පිළිතුරට අනුව එසේ කරුණු දැක් වූ අතර නියෝජ්‍ය අධ්‍යක්ෂ විජේරත්නයන්ද එම කරුණුම සනාත කළේය.
මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් හර්ෂ අබේකෝන්ගෙන් අප කළ කරුණු විමසීමක දී දැන ගන්නට ලැබුණේ ක්‍රීඩා අමාත්‍යවරයා ජනමාධ්‍ය මගින් කරන හෙළිදරව් පිලිබදව සොයා බලන බවය.අසාධාරණයක්, දූෂණයක් හෝ වෙන කුමන හෝ තත්ත්වයක් සම්බන්ධයෙන් හෝ ජනමාධය විසින් කරන අනාවරණ ඒ පිළිබදව සොයා බැලීම සදහා අමාත්‍යවරයා ප්‍රමාණාත්මක සාක්ෂි ලෙස ගනු ලබන බව ද මාධ්‍ය ලේකම්වරයා විසින් පෙන්වා දුන්නේය.අදාළ නිලධාරීන් දෙදෙනාගේ අදහස් සම්බන්ධයෙන් අප කළ විමසීමට පිළිතුරු දුන් මාධ්‍ය ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් කිසිවක් පැවසිය නොහැකි බව ප්‍රකාශ කළ අතර එය මාධ්‍ය සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ මතය නොවන බව පැවසීය.
ඇතැම් අවස්ථාවලදී බලයේ සිටින පරිපාලනයක් සමග ගැටුම් ඇති කර ගැනීම,ක්‍රීඩා සමාජවලට මෙන්ම එම ක්‍රීඩා සමාජ වල ක්‍රීඩකයන්ටද අසාධාරණකම් වලට ලක්වීමට හේතු විය හැකි බවත්,බේස්බෝල් සංගමය සදාචාරසම්පන්න නොවන ක්‍රියාවලියකට ක්‍රීඩා සමාජ පොළඹවමින් සිටින තත්ත්වයක් තුළ එය යහපාලනයක් ඇති කණ්ඩායමක් ලෙස සිතීම වඩාත් දුෂ්කර තත්ත්වයක් තුළ ක්‍රීඩා සමාජවලට හෝ ක්‍රීඩකයන්ට ඊට විරුද්ධ වීමට හැකියාවක් නැති බව ද මාධ්‍ය ලේකම්වරයා වෙත පෙන්වා දුන් අතර මෙම තත්ත්වය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානයට යොමු කිරීමට ඔහු විසින් කඩිනම් පියවර ගනු ලබන බව ද ප්‍රකාශ කළේය
මෙම ලිපියට අත්සන් ලබා ගනිමින් කටයුතු කරන්නේ එක් ක්‍රීඩා සමාජයක් නියෝජනය කරන නිලධාරියෙකුගේ අවශ්‍යතාවය පරිදි බවත් ඔහු එම ලිපිය අත්සන් ලබා ගැනීම හැර එය අත්සන් තබන ක්‍රීඩා සමාජ වලට එහි පිටපතක් හෝ ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බව ද දැන ගන්නට ඇත.
එක් තරගාවලියක් පාදක කර ගනිමින් පැවත්වෙන තවත් තරගාවලියක් ගණන් ගැනෙන්නේ එම තරගාවලියේම දිගුවක් ලෙස වන අතර එහිදී එම තරගාවලිය කුමන හෝ කණ්ඩායමක් නියෝජනය කළ ක්‍රීඩකයෙකු පසුව වෙනත් ක්‍රීඩා සමාජයකින් තරග වදින්නේ නම් එහි අවසාන අර්ථය වන්නේ,එක් තරගාවලියක් තුළ ක්‍රීඩකයෙකුට ක්‍රීඩා සමාජ දෙකක් නියෝජනය කිරීමට අවස්ථාව හිමි වීමය.මෙවැනි අවස්ථාවන් වැළක්විමට අදාළ පරිපාලනය කටයුතු කළ වුවත්,මෙහිදී පරිපාලනයම එම කාරණය සදහා කණ්ඩායම් පෙළඹවීම කණගාටුදායක තත්ත්වයක්ය.
මෙහිදී තවත් ආකාරයකින් ජාතික තරගාවලියේදී ලීග් තරගාවලිය සදහා කණ්ඩායම් ගෙන ඒමට දායක වූ ක්‍රීඩකයන්ට තම කැපවීම පාදක කර ගෙන පෙරට ආ කණ්ඩායමට ක්‍රීඩා කිරීම ලීග් තරගාවලියේදී අහිමි වන අතර එසේම පරාජිත කණ්ඩායම් තව දුරටත් තමන් සතුව සිටින සීමිත දක්ෂයන් අහිමිවීම තුළ තව දුරටත් අසරණ තත්ත්වයට පත් වේ.පරිපාලනයක් විසින් මෙම කරුණු දෙකම සිදු නොකළ යුතුය.
ජනමාධ්‍ය භාවිතය ඉක්මවා යමින් බේස්බෝල් ක්‍රීඩාවේ පුනරුදය පිණිස ඇතැම් විටෙක පුහුණුවීමට ස්ථානයක් නොතිබි මොහොතක, ජාතික කණ්ඩායමට පුහුණුවීම සදහා ක්‍රීඩා පිටි සොයා දෙමින් මෙන්ම ඇතැම් දක්ෂයන් විදේශවල සිට ගෙන්වා ඔවුන්ගේ වියදමෙන් ජාතික කණ්ඩායමට සහ කණිෂ්ඨ කණ්ඩායමට පුහුණුසැසි පැවත්වීමට ද දායක වූ අයෙකු ලෙස මෙම සටහන තබන්නා එවැනි උපකාර හරහා ක්‍රීඩාවේ ප්‍රබෝධයක් බලාපොරොත්තු වුව ද,මේ වනවිට ක්‍රීඩාව ජාතික වශයෙන් නැංවීමට වඩා නිලධාරියෙකුගේ උවමනාව මත හැසිරෙන සමස්ත පරිපාලනයම එම නිලධාරියා සම්බන්ධ ක්‍රීඩා සමාජවල අභිවෘද්ධිය පිණිස ජාතික න්‍යාය පත්‍රය හකුලා ගැනීම ඛේදණීය තත්ත්වයක් වී ඇත.
ඒ නිසා නැවතත් අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් පැවසූ ආකාරයට මෙම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අමාත්‍යංශ සහ සංවර්ධන දෙපාර්තමේන්තු පරිපාලනයේ අවධානය යෙමුවනු ඇතැයි අපේකෂා කෙරේ.
www.supirikrida.com

No comments:
Post a Comment