Jan 15, 2013

2013 WORLD BASEBALL CLASSIC තරග කාල සටහන සහ ප්‍රවේශපත් අලෙවිය ඇරඹේ

  •  ලෝක බේස්බෝල් ක්ලැසික් තරගාවලියේ තරග කාල සටහන සහ අන්තර්ජාලය හරහා ප්‍රවේශපත් නිකුත් කිරීම පිළිබදව එම නිල වෙබ් අඩවිය නිවේදනයක් මගින් අප වෙබ් අඩවිය දැනුවත් කර ඇත.පළමු වටයේ තරග කාණ්ඩ හතරකින් ක්‍රියාත්මක  කිරීමට තීරණය වී ඇති අතර එහි පළමු කාණ්ඩයේ (ඒ) තරග ජපානයේ පුකෝකා නගරයේ දී මාර්තු 2 සිට 6 දක්වා පැවත්වෙන අතර එම කාණ්ඩයෙන් ජපානය,බ්‍රසීලය,කියුබාව සහ චීනය තරග බිමට පිවිසෙයි.                                                              
  •  'බී' කාණ්ඩයෙන් තරග බිමට පිවිසීමට නියමිත කණ්ඩායම් වන්නේ ඕස්ට්‍රේලියාව,කොරියාව,චීන තායිපේ සහ නෙදර්ලන්තය වන අතර එම තරග පැවත්වෙන්නේ තායිවානයේ තායිචුන්ග් හී දී මාර්තු 2 දා සිට 5 දා දක්වා ය.සී කාණ්ඩයෙන් වෙනිසියුලාව,ඩොමිනික් රිපබ්ලිකන්,ස්පාඤ්ඤය සහ පුවාටරිකෝ මාර්තු 7 දා සිට 10 දා දක්වා තරග වදින අතර එම තරග පැවත්වෙන්නේ පුවාටරිකෝ හී සාන්තචුවාන් හි දී ය.

    • ඩී කාණ්ඩයෙන් ඇමෙරිකාව,ඉතාලිය,කැනඩාව සහ මෙක්සිකෝව තරග වදින අතර එම තරග ද මාර්තු 7 දා සිට 10 දා දක්වා ඇමෙරිකාවේ ඇරිසෝනා හී දී පැවත්වීමට නියමිත අතර එම ජයග්‍රාහී කණ්ඩායම් අතර දෙවන වටයේ තරග ද කාන්ඩ දෙකක් යටතේ පැවත්වීමට නියමිතය.එම පළමු කාණ්ඩයේ තරග ජපානයේ ටෝකියෝ හී දී මාර්තු 8 සිට මාර්තු 12 දක්වා පළමු වටයේ ඒ සහ බී කාණ්ඩ වල ජයග්‍රාහි කණ්ඩායම් අතර පැවත්වෙන අතර දෙවන වටයේ දෙවන කාණ්ඩයෙන් තරග වැදීමට සුදුසුකම් ලබන කණ්ඩායම් මාර්තු 12 සිට 16 දක්වා තරග වදින්නේ ඇමෙරිකාවේ ෆ්ලොරිඩා හී මියාමි හී දී ය.
    • තරගාවලියේ අවසාන පූර්ව තරග දෙක සහ අවසාන තරගය ඇමෙරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ සැන් ෆ්‍රැන්සිස්කෝ හී දී පැවත්වෙන අතර පළමු අවසාන පූර්ව තරගය මාර්තු 17 සහ දෙවන අවසාන පූර්ව තරගය මාර්තු 18 පැවත්වීමට නියමිතය.අවසාන තරගය පැවත්වෙන්නේ මාර්තු 19 දා ය.තරග කාල සටහන සහ තරගයට ප්‍රවේශපත් ලබා ගැනීම සදහා පහත සබදතාවය භාවිතා කළ හැකිය. http://web.worldbaseballclassic.com/wbc/2013/schedule_and_tickets/?partnerId=ed-6673078-65400221 

    No comments: