අන්තර පළාත් කණ්ඩායම් තරගාවලියේ දී පළාත් කණ්ඩායම් මෙහෙයවීමේ වගකීම් මලින්ද වර්ණපුර,තිළිණ කණ්ඩම්බි,කෞශල්‍යය වීරරත්න,චාමර සිල්වා සහ ජෙහාන් මුබාරක් වෙත පිරි නැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධෘරීත්වය තීරණය කර ඇත.ඒ අනුව බස්නාහිර කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මලින්ද වර්ණපුර ට හිමි වන අතර එම කණ්ඩායමේ උප නායකයා ලෙස නම් කර ඇත්තේ,මහේල උඩවත්ත ය.
තිළිණ කණ්ඩම්බි වෙත කදුරට ඌව කණ්ඩායමේ නායකත්වය පිරිනමා ඇත.එහි උප නායකයා ලෙස කටයුතු කිරීමට දිමුත් කරුණාරත්න තෝරා ගෙන ඇත. උතුර. සහ නැගෙනහිර කණ්ඩායමේ නායකයා ලෙස කෞශල්‍යය වීරරත්න පත් කර ඇති අතර ඔහුගේ උප නායකයා ලෙස දෙදෙනෙකුගේ නම් දකින්නට ලැබෙන අතර ඒ අනුව සම උප නායකත්වයේ වගකීම සමීර සොයිසා සහ මාලිංග බණ්ඩාර වෙත පවරා ඇත.
රුහුණු කණ්ඩායම මෙහෙයවීමට චාමර සිල්වාට පවරා දී ඇත්තේ ඔහුට උප නායකත්වයේ සහයක තනතුර ඉන්දික ද සේරම් ට පිරි නමමින්ය.වයඹ කණ්ඩායමේ නායකත්වය ජෙහාන් මුබාරක් වෙත පවරා ඇත්තේ ඔහු ගේ උප නායකයා ලෙස චාමර කපුගෙදර නම් කරමින්ය.
No comments:
Post a Comment