රොග් (දකුණ) සහ මියෑන්ග් (වම)
එළැඹෙන සැප්තැම්බර් මාසයේදී පැවත්වෙන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිලවරණයේදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ වත්මන් සභාපතිවරයා ජැක් රොග් ඉවත්ව යන අතර,එම තනතුර සදහා ඔහුගේ ද සහය ඇතිව සිංගප්පූරුවේ එන්ග් සෙර් මියෑන්ග් පත් වනු ඇතැයි ජාත්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.විශේෂයෙන්ම වත්මන් උප සභාපතිවරයෙකු වන මියෑන්ග් ට වත්මන් සභාපති ජැක් රොග් ගේ ද සහය හිමි වී තිබීම විශේෂත්වයකි.
|
හිටපු රුවල් ඔරු සූරයෙකු වන මියෑන්ග් වර්ථමානයේ සිංගප්පූරුවේ ජීවත් වුව ද,1969 දී චීනය නියෝජනය නරමින් ගිණිකොණ ආසියාතික තරග සදහා සහභාගි වී ඇත.ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ උප සභාපතිවරයෙකු මෙන්ම පළමු යොවුන් ඔලිම්පික් තරගාවලිය සංවිධානය කිරීමේ දී එහි සංවිධාන කමිටුවේ සභාපතිවරයා වූ මියෑන්ග් 2008 සහ 2012 ඔලිම්පික් තරගවලදී ද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නියෝජනය කරමින් සුවිශේෂි භූමිකාවක් කළ අයෙකි.
සිංගප්පූරු ජාතික ඔලිම්පික් කමිටු සභාපතිවරයාව සිටි මියෑන්ග් 1994 - 1998 කාල වකවානුව තැළ ජාත්‍යන්තර රුවල් ඔරු සංගමයේ සභාපති ධූරය ද දරා ඇත. පළමු යොවුන් ඔලිම්පික් උළෙලේ සාර්ථකත්වය වෙනුවෙන් කරන ලද මෙහෙය වෙනුවෙන් සිංගප්පූරු ජාතික දින ප්‍රශංසනීය සේවය සදහා වූ සම්මානයෙන් ඇගයීම් ලද මියෑන්ග් එක්සත් ජනපද ක්‍රීඩා ඇකඩමියෙන් කීර්තිමත් සේවය සදහා ද ඇගයීම් සම්මාන ලබා ඇත.මේ තත්ත්වය නිසා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ මුල් බුටුව සදහා සෙස්සන්ට වඩා මියෑන්ග්ට පත් වීමට ඇති ඉඩ - කඩ විශාල බව විදෙස් ආරංචි මාර්ග පෙන්වා දෙයි.
No comments:
Post a Comment