ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවෙන් මේ දක්වා ලත් විශිෂ්ඨතම ජයග්‍රහණය ලෙස සැළකෙන ලෝක කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් කැපවුනු අර්ජුන රණතුංග ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් සහ සිදත් වෙත්තමුණිගේ නායකත්වයෙන් වූ ක්‍රිකට් පරමාදර්ශි කණ්ඩායම අතර තරගයෙන් 96 විජයග්‍රාහී කණ්ඩායම ජය ගනු ලැබුවා.හේමාස් සමාගමේ බේබි ෂර්මි ව්‍යාපෘතියක් වන රෝගී ළමා හදවත් සුවපත් කිරීමේ ව්‍යාපෘතියට ආධාර පිණිස කොළම එන්සීසී ක්‍රීඩා පිටියට එක් වූ mමෙම ක්‍රිකට් ප්‍රවීනයන් අතර පරමාදර්ශින්ගේ කණ්ඩායමට වර්ථමාන ජාතක කණ්ඩායම සමග නිරතුරු නම කියවෙන චාමර සිල්වා වැනි ක්‍රීඩකයන් ඇතුළත් වුව ද 96 ලෝක සූරයෝ මේ තරගය අපහසුවකින් තොරව ජය ගනු දැකීම විශේෂ සිදුවීමක් වුණා.
විශේෂයෙන් රොමේෂ් කළුවිතාරණ ප්‍රවේගකාරී ඉණිමක් ක්‍රීඩා කරමින් ලකුණු 52 ක් ලබා ගනිමින් 96 කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට මූලිකත්වය දුන් අතර නායක රණතුංග ද ලකුණු 37 ක් ලබා ගත්තේ දැවැන්ත හයේ පහර දෙකක්ද සමගින්ය.ඉන් එක් හයේ පහරක් එන්සීසි ක්‍රීඩා සමාජයේ ක්‍රීඩාගාරය ඉහලින් ඇදී යන එකක් වූ අතර අර්ජුන මෙන්ම කළු ද සිය අනුකම්පා විරහිත පිතිහරඹයේ කාලය දිගු නොකර අතර මැද සිය ඉණිම් අත් හිට වූ පසු එවකට කණ්ඩායමේ මැද පෙළ ශක්තිමත් කළ හෂාන් තිලකරත්න මෙන්ම ලෝක කුසලාන තරගවෙලියේ තීරණාත්මක අවස්ථාවන් හී කණ්ඩායම ගොඩ ගැනීමේ මැද පෙළ මෙහෙයුම දියත් කළ රොෂාන් මහානාම ද තරගයේ ජයග්‍රහණය සනාත වන තුරු සිය කඩුලු රැක ගැනිමට සමත් වූයේ කඩුලු හතක ජයක් ලෝක සූරයන්ගේ පිළට හිමි කර දෙමින්ය.
96' ලෝක කුසලාන ජයග්‍රහණයේදී මෙන්ම අර්ජුණ මෙම තරගයේදී ද ලකුණු හඹායාම පිළිබදව විශ්වාසය තැබූ අතර කාසියේ වාසියෙන් පසුව පන්දුවට පහරදීම සදහා පරමාදර්ශීන්ගේ කණ්ඩායමට ආරාධනා කළ අතර එහිදී ඔවුන් ලකුණු 137 ක් ලබා ගත්තේය.පන්දු ඕවර් 20 දී එම ලකුණු ප්‍රමාණය අභිබවා යාමට ලෝක සූරයන්ට ලැබුණු ඉලක්කය අර්ජුණ ගේ සහ කළු ගේ පිතිහරඹය හේතුවෙන් 15 වන ඕවරයේදී සාක්ෂාත් කර ගැනීමට හැකි විය.
www.supirikrida.com
No comments:
Post a Comment