Dec 1, 2012

වෙළදසේවා වොලිබෝල් තරග අද ඇරඹේ

වෙළදසේවා වොලිබෝල් සංගමය අලුත් ගමණකට අලුත් ජවයකින් පිය මනින්නට සූදානම් වීමේ උත්සාහයේ පළමු පියවර ලෙස කාලයක සිට අක්‍රියව පැවති වෙළදසේවා වොලිබෝල් තරගාවලිය 60 ට ආසන්න වූ කණ්ඩායම් ප්‍රමාණයක සහභාගීත්වයෙන් අද මහරගම තරුණ සේවා සභා ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.අදත් හෙටත් පැවත්වෙන මෙම තරගාවලියේ මූලික තරගවලින් අනතුරුව තරගාවලියේ අවසාන තරග 16 වන දින මහරගම ජාතික තරුණසේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවත්වීමට යෝජිතව තිබේ.කණ්ඩායම් 50 ක් ඉලක්ක කර ගනිමින් ඇරඹි මෙම තරගාවලිය සංවිධානයේ ක්‍රියාකාරී පරිපාලන ව්‍යහුය විසින් වෙළද කේෂ්ත්‍රය තුළ කෙටි කලෙකින් ඇති කර ගන්නා ලද විශ්වාසය පදනම් කරගෙන අදාළ ඉලක්කය ඉක්මවා යා හැකි තත්ත්වයට පත් වීම ලාංකේය වොලිබෝලය ලද ජයකි.
විශේෂයෙන් ලාංකේය වොලිබෝල් ක්‍රීඩකයාගේ අනාගතය ත්‍රිවිධ හමුදාවන්ට සීමා වී පැවතීම හේතුවෙන් එම කණ්ඩ‍ායම් හා අති විශාල පිරිසක් සම්බන්ධ වීම සුලභ තත්ත්වයක් වී තිබේ.මේ හේතුවෙන් දක්ෂ ක්‍රීඩකයන් විශාල පිරිසකට ක්‍රීඩා පිටියට බැසීම පසෙකලා සිය දක්ෂතාවයන් සගවා ගෙන තරග නරඹන්නන් වීමට සිදුවීම ඛේදවාචකයක් බවට පෙරැළි ඇත.
නමුත් නැවතත් වෙළදසේවා වොලිබෝලය පණ ගැන්වීම මත ආයතනික මට්ටමෙන් වෙළද කේෂ්ත්‍රය තුළ වොලිබෝල් ක්‍රීඩාව කෙරෙහි ඇතිවන තරගකාරීත්වය මත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රැකියා අවස්ථා නිර්මාණය වීමට හැකි මාවතක් විවරව පවතින තත්ත්වයක් දැකිය හැකිය.මේ හේතුවෙන් වොලිබෝල් ක්‍රීඩකයාගේ අනාගතයට දැඩි සුරක්ෂිත තත්ත්වයක් නිර්මාණය වන පසුබිමක්,දක්ෂයන් වැඩි පිරිසකට ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කිරීමට ලැබෙන ඉඩ -කඩක් නිර්මාණය වන අවස්ථාවක් ලෙස වෙළදසේවා වොලිබෝලයේ නැවත සම්ප්‍රාප්තිය හැදින්විය හැකිය.
තරගයෙන් තරගයට සජීවී ප්‍රතිපල වාර්තාකරණයට සුපිරික්‍රීඩා වෙබ් අඩවිය මගින් පහසුකම් සළසා ඇත.
www.supirikrida.com

No comments: