ශ්‍රී ලංකාවේදී වසර 14 ක කාලයක් තුළ ටෙස්ට් ජයක් නොලද නවසීලන්තය ශ්‍රී ලංකාවට ලකුණු 167 ක දැවැන්ත පරාජයක් අත් කර දෙමින් තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සම කිරීමට සමත් වුණා.නවසීලන්ත පිතිකරුවන් ප්‍රථම ඉණිමේ ලකුණු 412 ක් ලබමින් ලත් ස්ථාවරය මෙන්ම දග පන්දුවට හිතකර තත්ත්වයෙන් යුත් සරා තණතීරුව තුළ නවසීල්නත වේග පන්දු යවන්නන් චමින්ද වාස් ගෙන් ලැබුණු උපදේශනයත් සමග පෑ දස්කම් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සිහිනයක් කළා.
ලකුණු 362 ක දැවැන්ත ලකුණු ප්‍රමාණයක අභියෝගයක් හඹා ගිය ශ්‍රී ලංකාව වෙනුවෙන් පරාජය නොවී සිටීම සදහා උප නායක ඇන්ජලෝ මැතිව්ස් ක්‍රියාත්මක කළ ඉණිම අමතක නොවන සටන්කාමී ඉණිමක් වූ අතර ඔහු පැය පහකට විනාඩියකට අඩු වූ කාලයක් කඩුල්ලේ රැදී සිට රැස් කළ ලකුණු 84 සමග එක් වී එක් ශතක සබදතාවයකට පිවිසිය හැකි ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකා කණ්ඩායම ට වූවේ නම් තරගය ජය ගැනීම පසෙකලා පරාජය නොවී සිටීමේ හැකියාව තිබුණු බව අප පිළිගත යුතු වෙනවා.එසේම ප්‍රථම ඉණිමේ ශතකයට අමාතරව ශ්‍රී ලංකාව දෙසට තරගය හැරෙමින් තිබුණු තීරණාත්මක මොහොතක නායක රොස් ටේලර් දියත් කළ ඉණිම දර්ශී නායනත්වයක ඉණිම ඇලුම් කරන සුළු වුවා.
එම ඉණිම් ද්විතවය රොස් ටේලර් ට අපහසුවකින් තොරව තරගයේ වීරයා වීමට මග පෑදුවා.එසේම නවසීලන්ත දඩයමට ඉලක්කය ගතහැකි එකම දඩයක්කරුවා වූ රංගන හේරත් තරග දෙක තුළ කඩුලු 20 ට වගකියමින් තරගාවලියේ වීරයා වූවා.විශේෂයෙන් ඕස්ට්‍රේලියා තණතීරු වල වේග පන්දු යවන්නන්ට මුහුණ දීමේ දුෂ්කර තත්ත්වය ජය ගැනීමේ අභියෝගයට පිටව යන්නට ආසන්න මොහොතකට පෙර ලද මේ පරාජය සිත් සලිත කරනවා නිසැකයි.
නවසීලන්තයේ ජයග්‍රහණය සදහා ඔවුන් දැඩි වෘත්තීමය ස්වභාවයකින් තරග කිරීම කැපී පෙණුනා.ඉවසීම යන ටෙස්ට් පාඩමේ මුල ,මැද සහ අග දැනෙන සේ ඔවුන් දැක් වූ සංයමය අපූරු පාඩමක් වුණා.තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවය භාවිතා කර පැමිණිය හැකියි.
http://www.espncricinfo.com/sri-lanka-v-new-zealand-2012/engine/current/match/582193.html
www.supirikrida.com

No comments:
Post a Comment