සනත් ජයසූරිය තෙවන වරටත් ගුවන් සේවිකාවක විවාහ කර ගත් බව වාර්තා වේ.පළමු වරට විවාහ වූ සුමුදු මෙන්ම සැන්ඩ්‍රාද ශ්‍රී ලංකා එයාර් ලයින්ස් ආයතනයට සම්බන්ධව සිටියද,මෙවර සනත්ගේ සිත පැහැර ගෙන ඇත්තේ චිත්‍රපට නිළියකද වන එමිරේට්ස් ගුවන් සේවයට අයත් මලීකා සිරිසේන නම් ගුවන් සේවිකාවකි.සනත් ට වඩා වසර 15 කින් පමණ වයසින් බාල මලීකා ගේ සහ සනත් ගේ විවාහය ගල්කිස්ස මහා හෝටලයේ කිහිප දෙනෙකුට පමණක් සීමා වී පැවත්වීමට කටයුතු කළ අතර සනත් එය හදුන්වන්නේ පවුලේ උත්සවයක් පැවතියා මිස විවාහ උත්සවයක් නොවේ යනුවෙනි.
නමුත් ඊට පෙර ගල්කිස්ස වලේ පන්සලේ දි සිදු වූ චාරිත්‍ර පවත්වා ඇත්තේද පවුලේ පිංකමක් ලෙස ද යන්න සනත් පවසා නැත.මලීකා ගේ හමු වීමෙන් පසු සිය බිරිද ගෙන් වෙන් වී මලීකා සමග එක් වීම සදහා සැන්ඩ්‍රාගෙන් වෙන්වීම සදහා අසීරු ඉණිමක් ක්‍රීඩා කරන්නට සිදු වූ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මංත්‍රීවරයෙකු ද වන සනත්ට සිය දරු තිදෙනා සහ සැන්ඩ්‍රාගෙන් වෙන්ව යහපත් බෞද්ධයෙකු ලෙස තෙවන වරටත් විවාහ දිවියට ඇතුළත් වීමේ දී මහා සගරුවනේද ආශිර්වාදය හිමි වූ බව වාර්තා වේ.
No comments:
Post a Comment