අමාලි |
දිවීමේ ඉසව්වේ අංක එකේ ක්‍රීඩිකාව වන අමාලි හර්ෂණී විජේසිංහ
24 වන ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේදී එම ඉසව්වේ
තරග උළෙල වාර්තාව දෙවරක්ම අලුත් කරන්නට සමත් වූවාය.කෑගල්ල ශාන්ත ජෝෂ්ප් බාලිකා විද්‍යාලයේ
ආදි සිසුවියක් මෙන්ම වර්ථමානයේ ශ්‍රී ජයවර්ධනපුර
විශ්ව විද්‍යාලයේ සිසුවියක් ද වන අමාලි තරගාවලියේ
දෙවන දිනය වූ ඊයේඑම ඉසව්වේ මූලික තරග වලදී
තත්පර 14.73 ටත් අවසාන තරගයේදී තත්පර 14.29 ටත්
එම ඉසව්ව නිමා කළාය.අවසාන තරගයේදී අමාලි ට තියුණු තර්ජණයක් එල්ල කළ තවත් දක්ෂ යොවුන්
ධාවන සූරියක වන රත්නපුර ෆර්ගියුෂන් බාලිකා
විද්‍යාලයෙන් බිහි වූ ඉෂාරා සංදීපනී දයානන්ද දෙවන ස්ථානය
දිනා ගත්තේ ද අමාලි මූලික තරග වලදී පිහිට වූ උළෙල
වාර්තාව අභිබවා යමින් තත්පර 14.57 ක දක්ෂතාවයක්
දක්වමින්ය.
මධුමන්ති |
නිමලේන්ද්‍ර |
පළමු දිනයේ එක් වූ වාර්තා අතරට ඊයේ තවත් වාර්තා 14 ක් එක් වූ
අතර එම වාර්තාලාභින් අතර ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන
දිනේෂ් එරංග ප්‍රනාන්දු,ඩබ්කේඑල්නිමාලි,සලින්ද රන්දිව
වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වූහ.එසේම අවුරුදු 20 න් පහළ
තරගවලදී ද කැපී පෙනෙන දක්ෂතා දැක් වූ අතර
යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සහභාගි වූ
ආර් නිමලේන්ද්‍ර යගුලිය වීසිකිරීමේ තරගයේදී
මීටර් 15.13 ක දක්ෂතාවයක් දැක්වීම ඒ අතරින්
කැපී පෙණින.ගෙවුණු ආසියානු යොවුන් ක්‍රීඩා
තරගාවලියේදී ද ශ්‍රී ලංකාව නියෝජනය කළ
නිමලේන්ද්‍ර යුද්ධයේ නිමාවත් සමග
ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට යාපනයෙන්
එක් වූ රිටි පැනීමේ,උස පැනීමේ සහ වීසි කිරීමේ
සූර සූරියන් අතර කැපී පෙනෙන ක්‍රීඩකයෙකි.
නිමාලි |
දක්ෂතම ක්‍රීඩිකාව වූ නිමාලි ශ්‍රීලංකා මලල ක්‍රීඩා පිටියේ සිටින සුවිශේෂීම ධාවිකාවක් බව ඊයේ යළිත් ඔප්පු කළාය.
කිහිප වරක්ම මීටර් 3000 බාධක දිවීමේ කාන්තා ඉසව්වේ ජාතික වාර්තාව එරංගා දුලක්ෂි සමග හුවමාරු කර ගත් නිමාලි,
මේ වන විට සෞඛ්‍ය උපදෙස් ලබමින් දුර ධාවන එම ඉසව් වලින් තාවකාලිකව ඉවත්ව සිටින අතර තුර ජාතික මලල ක්‍රිඩා සුරතාවලියේ දී මීටර් 400 කඩුලු පැන දිවීම ඉසව්ව ජයගත්තාය.ඉකුත් වසරේ මෙන්ම මෙවරද යළි මීටර් 400 ජයග්‍රහණය කරමින් නිමාලි
දෙවැනි ස්ථානයට පත් කරන්නේ ශ්‍රී ලංකා මීටර් 400
සහය දිවීමේ කණ්ඩායම පවා නියෝජනය කර ඇති
ප්‍රබල ක්‍රීඩිකාවක් වන තනූජා කුමාරි ය.නිමාලි මේ තරගයේදී තත්පර 56.40 ක දක්ෂතාවයක් දක්වන්නට සමත්විය.
දිනේෂ් |
දක්වමින් සති කිහිපයක් ඇතුළත නැවත මීටර් 16 සීමාව
ඉක්මවා තුන් පිම්මමෙන් දස්කම් දැක්වීම කැපී පෙණින.
නමුත් එම දක්ෂතාවය නව වාර්තාවක් ලෙස පිළි නොගැනෙන
අතර එම වාර්තාව සුළගේ ආධාරයෙන් පනින ලද පිම්මක්
ලෙස සටහන් වී තිබිණ.නමුත් දිනේෂ් ගේ මීටර් 16.04 ක් වූ
එක් පිම්මකට සුළගින් සහයක් නොලැබුණු අතර,
එම පිම්ම නව ක්‍රීඩා උළෙල වාර්තාවක් ලෙස පිළිගැණින.
ඒ අනුව ජාතික වාර්තාවේ උරුමක්කාරයා වන
එරංග දිනේෂ් ප්‍රනාන්දු ගේ නම මින් මතු
ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේද
තරග වාර්තාලාභියා ලෙස වාර්තා පොත් අතරට එක්විය.
අනුරාධපුර පාපන්දු කණ්ඩායම |
මීට අමතරව අවුරුදු 20 න් පහළ ඉසව් වලදී පිරිමි දුර පැනීමේ තරගයේදී ජීකේඩීඑස් ප්‍රියන්ත (මීටර් 7.20), මීටර් 110 කඩුලු මතින් දිවීමේ තරගයේදී (තත්පර 14.69),බාලිකා යගුලිය තරගයේදී ටීඑම්එච් බැට්ටගේ(මීටර් 10.93),මීටර් 100 සහය දිවීමේ තරගයේදී කළුතර දිස්ත්‍රික්කය (තත්පර 42.37) නව වාර්තා බිහි කළහ.වයස 20 න් ඉහළ තරග අංශයේදී මීටර් 110 කඩුලු මතින් දිවීමේ වත්මන් ජාතික සූරයා වන සලින්ද රන්දිව් (තත්පර 14.49),පිරිමි හෙල්ල වීසි කිරීමේ තරගයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ ඩීඑස් රණසිංහ (68.75),උස පැනීමේ තරගයේදී ඩබ්ඩීපී විජේසිංහ (මීටර් 2.05),මීටර් 400 තරගයේදී චානක මධුෂාන් ජයසේකර (තත්පර 47.39),මීටර් 100 සහය දිවීමේ පිරිමි තරගයේදී මාතර දිස්ත්‍රික්කය (තත්පර 42.25,)ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ නව වාර්තා කරන්නට සමත් වූහ.මේ අතර ඊයේ පැවති පාපන්දු තරගයේදී බදුල්ල දිස්ත්‍රික්කය ට අනපේක්ෂිත පරාජයක් අත් කර දුන් අනුරාධපුර දිස්ත්‍රික්කය ගෝල 3 - 0 ක ජයක් ලබමින් කැපී පෙනෙන දස්කම් දැක්වූහ.
ඡායාරූප - සංජීව සමරවික්‍රම
ඡායාරූප - සංජීව සමරවික්‍රම
No comments:
Post a Comment