Nov 29, 2012

ඉන්දු - ශ්‍රී ලංකා ද්වන්ධ මුෂ්ටි හටන පළමුවෙනිදා

සියා‍වේ නමගිය බොක්සිං සූරයන් බිහිවන ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩක -ක්‍රීඩිකාවන් තරග බිමට පිවිසෙන මාස් කුසලානය වෙනුවෙන් පැවත්වෙන ඉන්දු - ශ්‍රී ලංකා ද්වන්ධ බොක්සිං තරගාවලිය දෙසැම්බර් පළමු වෙනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවත්වේ.මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජගත් මට්ටමේ ජයග්‍රහණ රැගෙන ආ අනූෂා කොඩිතුවක්කු මවිබිමේ මුහුණ දෙන සිය අවසන් තරගයට කිලෝ ග්‍රෑම් 48 බර පංතිය ඹස්සේ මුහුණ දීමට නියමිතය.එසේම ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලම සහ වඩාත් ජාත්‍යන්තර අවධානයට ලක් වූ ක්‍රීඩකයා වන්නේ කිලෝග්‍රෑම් 52 බර පංතියෙන් තරග වදින සුරේෂ් පට්ටිආරච්චිය.


මීට අමතරව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිලෝ ග්‍රෑම් 51 බර පංතියෙන් එරන්දි ද සිල්වා තරග බිමට පිවිසෙන අතර කාන්තා කිලෝග්‍රෑම් 54 බර පංතියේ තරග වදින්නී විදුෂිකා ප්‍රබෝධි ය.පිරිමි අංශයෙන් ගයාන් ජයවීර කිලෝග්‍රෑම් 56 බර පංතියෙන් තරග වැදීමට නියමිතය.කිලෝග්‍රෑම් 48 බර පංතියෙන් තරග වදින්නට නියමිතව ඇත්තේ,අනුරුද්ධ බංණ්ඩාර ගුණතිලකය.කිලෝග්‍රෑම් 60 බර පංතියෙන් ශ්‍රී ලංකාව නියෝජනයට සුදුසුකම් ලබා සිටින්නේ එරංග මධුෂාන් ය.  
ඉහළ ඡායාරූපයන්හී වමේ සිට සුරේෂ්,ගයාන්,මධුෂාන් සහ අනුරුද්ධ ද සිටින අතර පහත වමේ සිට අනූෂා,ප්‍රභාධි සහ එරන්දි ය.

No comments: