මෙම වැරදි සම්බන්ධයෙන් අමාත්‍යවරයා හෝ අමාත්‍යංශය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම එම වැරදි වර්ධනයට හේතු වූ බව ද අමාත්‍යවරයා මෙන්ම අමාත්‍යංශයද පිළිගත යුතු අතර බැඩ්මින්ටන් සභාපතිවරයාද,මෙහි කලෙක සිට පවතින විෂමාචාර ඉවත් කිරීමට සහය ලබා දෙන ලෙස ඉල්ලමින් තමාට අරලියගහ මන්දිරයේ සිටම සහය ලැබෙන බව ප්‍රකාශ කිරීමෙන් පැහැදිළි කරන්නේ අමාත්‍යවරයාට පාලනය කළ නොහැකි දේශපාලන සවියක් සහිතව බැඩ්මින්ටන් පරිපාලනය ක්‍රියාත්මක වන බව ද යන්න සැක උපදවන්නේය.
වගකීමෙන් තොර දැවැන්ත වැරදි ගණනාවක් සිදු කර තිබෙන බැඩ්මින්ටන් සම්මේලනය තරග කළමණාකරුවෙකු ලෙස එහි උපසභාපතිවරයෙකු ගේ ආවතේවකරුවෙකු පාසල් ළමුන්ද සිටින කණ්ඩායමක් සමග විදේශ ගත කිරීම ඉතිහාසයේ කිසිදු දිනයක් නොවූ තරමේ ක්‍රීඩක වගකීම් පැහැර හැරීමක් වුව ද,ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් හෝ සිදු වී නොමැත.පරිපාලනයම පත් කළ තේරීම් කමිටුව පරිපාලනයේ පක්ෂග්‍රාහී බව හෙළිදරව් කරමින් ඉවත් වී යන අතර මේ සියළු වැරදි වලට බැඩ්මින්ටන් සංගමයට දැඩි අවවාද කිරීමකින් ගැලවෙන්නට ලැබීම ගහද්දී කෙනිත්තීමක් කිරීම බදු ය.
පරිපාලනමය වශයෙන් මෙන්ම මූල්‍යමය වශයෙන්ද විශ්වසනීයත්වයෙන් තොරව කටයුතු කර ඇති බැඩ්මින්ටන් පරිපාලනය සම්බන්ධයෙන් ලිඛිතව සංගම් සහ පුද්ගලයන් ගණනාවක් ලබා දී තිබෙන චෝදනා ඇතත් ඒ පිලිබදව පරීක්ෂණයක් හෝ ඇරඹෙන බවක් පෙනෙන්නට නැති අතර ඇතැම් අවස්ථාවල අමාත්‍යවරයාට ලිඛිතව ලිපි ඉදිරිපත් කර අමාත්‍යවරයා හමු වන්නට වේලාවක් ලබා ගෙන ඔහු හමුවන විට එම ලිපි අමාත්‍යවරයාට ලැබී නැති බවට ද තොරතොරු කිහිපයක්ම වාර්තා වි ඇත්තේ අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයෙන්ද බැඩ්මින්ටන් සදහා අනිසි ආරක්ෂාවක් ලැබෙන බවට ඉගි සපයමින් ය.
www.supirikrida.com
No comments:
Post a Comment