Nov 27, 2012

ලංකාව නවසීලන්තයෙන් බේරෙන්න දගලයි - නවසීලන්තය වැස්සෙන් බේරෙන්න දගලයි

වසීලන්ත සංචාරයේ දෙවන ටෙසට් තරගයේ දෙවන දිනය නිමා වන විට තරගයේ වැඩි වාසි අත් කරගෙන සිටින නවසීලන්තයෙන් තරගාවලියේ පූර්ණ ජයග්‍රහණය රැක ගැනීම සදහා ශ්‍රී ලංකාවට දැඩි අසීරුතාවයකට මුහුණ දෙන්නට සිදු වී ඇත.නවසීලන්ත ප්‍රථම ඉණිමේ දී නවසීලන්තය පාලනය කිරීමට ශ්‍රී ලංකාව යොදාගත් ප්‍රධාන තුරුම්පු දෙක වූ සුරාජ් රන්දිව් සහ රංගන හේරත්ගේ දායකත්වය යතුරු පැදියක් එක රෝදයකින් ගමන් කිරීමක් බදු විය.රංගන පමණක් හුදෙකලා සටනක නිරත වෙමින් ලකුණු 103 ට කඩුලු 6 ක් දවා ගත් අතර සුරාජ් ගෙන් බලාපොරොත්තු වූ කඩුලු ලබා ගැනීම සිදු නොවිණි.ඒ නිසා දග පන්දුවේ වගකීම ටික මොහොතකට ටීඑම් ඩිල්ෂාන්ට පැවරීමටද මහේලට සිදු වූ අතර එහිදී ඩිල්ෂාන් එක් කඩුල්ලක් දවා ගත් අතර රංගන සහ ඩිල්ෂාන් හැරෙන්නට කුලසේකර,සමින්ද එරංග සහ සුරාජ් ද කඩුල්ල බැගින් දවා ගත්හ.
එහෙත් නවසීලන්තය ටෙස්ට් පිතිකරණයේ ශිල්පීය හැකියාව ප්‍රදර්ශනය කරමින් දින පූර්ණ දින දෙකකට ආසන්න කාලයක් ක්‍රීඩා කරමින් ලකුණු 412 ක් ලැබීය.ඒ සදහා නායක රොස් ටේලර් ආක්‍රමණය සහ ආරක්ෂාව සමබර වූ ඉණිමක නියැලෙමින් පන්දු 306 දී ලකුණු 142 ක් ලැබූ අතර ඒ හා සමානම විශිස්ඨ ඉණිමක් ක්‍රීඩා කළ කේන්  විලියම්සන් පන්දු 305 කින් ලකුණු 105 ක් රැස් කළේය.ලකුණු 14 ට කඩුලු 2 ක් දැවී අසීරුතාවයක වෙලී සිටි නවසීලන්ත ඉණිම වෙනුවෙන් මොවුන් දෙදෙනා ඇති කළ ලකුණු 262 ක තෙවන කඩුල්ලේ සබදතාවය නවසීලන්තයේ සාර්ථකත්වයේ පදනම විය.
පිළිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකාවට ටිම් සවුති මෙන්ම ට්‍රෙන්ට් බෝල්ට් ද දැඩි තර්ජනයක් එල්ල කළ අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඔවුන් සතුව සිටින ප්‍රබලතම පිතිකරුවන් තිදෙනාම ලකුණු 12 ක් තුළ අහිමි කර ගන්නට සිදු විය.ඩිල්ෂාන් (5) ,සංගක්කාර (00) සහ මහේල (02) මෙසේ දැවී යාමෙන් පසුව ඊයේ දිනය නිමා වන විට ඇන්ජලෝ මැතිව්ස්  (20) සහ තරංග පරණවිතාන (09) අසීරුතාවයෙන් ගොඩ ඒමට උත්සාහ දරමින් සිටියහ.
http://www.espncricinfo.com/sri-lanka-v-new-zealand-2012/engine/current/match/582193.html මෙම සබදතාවය හරහා තරගයේ ලකුණු පූවරුවට පිවිසීමට හැකිය
www.supirikrida.com

No comments: