Nov 28, 2012

බොතේජු ට ඒ කාණ්ඩයේ තෙවන තැන

ල්ගේරියාවේ සොෆියා හී ප්‍රින්සස් හෝටල් පරිශ්‍රයේ ක්‍රියාත්මක ලෝක ස්නූකර් තරගාවලියේ දී හ්‍රී ලංකාව නියෝජනය කළ සුසන්ත බොතේජු ට තමන් සහභාගි වූ ඒ කාණ්ඩයේ තරග වලදී තෙවනස්ථානයට පත් වන්නට හැකි විය.ඊයේ සවුදි අරාබියේ අහමඩ් ඇසෙරි සමග වූ තරගයට සහභාගි වෙද්දී බොතේජු ට වැඩි අවස්ථාවක් තිබෙන බව පෙනෙන්නට තිබුණ ද,අවසානයේ අහමඩ් තරග වට 4 - 2 ක් ලෙස බොතේජ් ව පරාජය කරමින් කාණ්ඩයේ දෙවැන්නා බවට පත්විය.
නවාතැන් ගැටළුව හේතුවෙන් අසරණව සිටීමෙන් යහපත් මානසිකත්වයකින් තරග වැදීමේ අපහසුවක් බොතේජුට දැනෙන්නට ඇති බව හැගෙන අතර කෙසේ හෝ ඊයේ දිනය තුළ ඔහු දෙවන පරාජය ලද්දේ ඒ කාණ්ඩයේ පළමු වැන්නා වූ තායිලන්තයේ නෝපෙන් සෙන්ග්කාම් ට එරෙහිවය.
කෙසේ හෝ කාණ්ඩ 20 ක් යටතේ පැවත්වෙන මෙම මූලික තරග වලින් පසුව අවසන් වටයට 60 ක් තෝරා ගැනෙන අතර බොහෝ විට සුසන්ත බොතේජුට අවසන් තරගකරුවන් 60 අතරට ඒමට හැකි වෙනු ඇතැයි විශ්වාසය තැබිය හැකිය.
මේ අතර ඩී කාණ්ඩයෙන් තරග වදින නරේෂ් සමරවික්‍රම මේ වන විට තරග දෙකක් පරාජය වී තරගයක් ජය ගෙන සිටින අතර අද තරගය ජය ගතහොත් ඔහුට ද අවසන් 60 දෙනා අතරට පිවිසීමට හැකි වේ යැයි විශ්වාස කළ හැකිය.  

No comments: