ජර්මණියේ කාර්ල් ට එරෙහි තරගයේ දී සුසන්ත බොතේජු |
ජාත්‍යන්තර බිලියඩ් සහ ස්නූකර් සම්මේලනය මෙහෙයවන බල්ගේරියාවේ සොෆියා හී ප්‍රින්සස් හෝටල් පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවත්වෙන 2012 ජගත් ස්නූකර් ලෝක සූරතාවලියේ ඒ කාණ්ඩයෙන් තරග බිමට පිවිස සිටින සුසන්ත බොතේජු ට තරගාවලිය නිමා වන තෙක් හෝටලයේ ලැගුම් ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බැවින් තරගාවලියෙන් ඉවත්වන්නට වන තත්ත්වයක් මතුව තිබෙන බව වාර්තා වෙනවා.නමුත් මේ සටහන තැබෙන විටත් ඔහු ඒ කාණ්ඩයේ තරගයක නියැලෙමින් සිටින අතර එහිදී ද ඔහු ගේ ප්‍රතිවාදියා වන සවුදි අරාබියේ අහමඩ් ඇසෙරි ට වඩා ඉදිරියෙන් සිටිනවා.
ජාතික ස්නූකර් සූරයා වන බොතේජු, මෙම තරගාවලියේ දී තමා තරග කරන 'ඒ' කාණ්ඩයේ පළමු තරග දෙකම පහසුවෙන් ජයගත් අතර එහිදී ජර්මණියේ කාර්ල් රොසෙන්බර්ග් වට 4-1 ලෙස සහ සත්කාරක බල්ගේරියාවේ ජෝර්ජි වැලික්හොව් 4 - 1 ලෙස පහසුවෙන් පරාජය කරන්නට බොතේජු සමත් වුණා.එහෙත් 'ඒ' කාණ්ඩයෙන් පෙරමුණ ගෙන ඉදිරියට යාමට ඇති අවස්ථාව බොතේජු ගේ නවාතැන් ගැටළුවත් සමග බොද වෙමින් පවතිනවා.
මේ සම්බන්ධයෙන් බීබීසී ලෝක සේවයට අදහස් දක්වමින් ශ්‍රී ලංකා බිලියඩ් සහ ස්නූකර් සම්මේලන ලේකම්වරයා සිය සංගමයට එම වියදම දැරිය නොහැකි බැවින් තරගාවලියෙන් ඉවත් වන ලෙස දැණුම් දුන් බව පවසන්නේ කිසිදු හිරිකිතයකින් තොරවයි.ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වන රංජනී ජයකොඩි බීබීසියට පෙන්වා දෙන කරුණු අනුව සුසන්ත ගේ ගැටළුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බිලියඩ් සහ ස්නූකර් සම්මේලනය කටයුතු කර තිබෙන ආකාරයේ පහත් තත්ත්වය තව දුරටත් හෙළිදරව් කර ගත හැකියි.
ඇය පවසන්නේ අමාත්‍යංශයේ වියදමෙන් බොතේජුට සහ සහභාගි වන අනෙක් ක්‍රීඩකයා වන නරේෂ් අධිකාරම්ට ගුවන් ටිකට්පත් ලබා දුන් බවයි.එසේම අනෙකුත් දේ සැපයීමට ඇති සම්මේලනයේ වගකීම මෙන්ම අධ්‍යක්ෂවරිය සම්මේලන සභාපති මෙම තරගාවලිය නරඹන්නට යාමට සූදානම් බව ද පෙන්වා දෙනවා.ඇය ද ප්‍රකාශ කරන්නේ එම වියදම ක්‍රීඩකයා වෙනුවෙන් දැරිය හැකිනම් වැදගත් එය බවයි.ශ්‍රී ලංකාවේ බොහෝ ක්‍රීඩා සංගම්වල ප්‍රධාන නිලතල වලට පත් වී විදේශ සංචාර සහ ජාත්‍යන්තර සබදතා වලට ලැබෙන සහන පසුබිම උපයෝගි කර ගනිමින් කටයුතු කිරීම හැරෙන්නට ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් කටයුතු නොකරන බව මේ සිදුවීම හරහා ද පැහැදිළි වෙනවා.
නමුත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස එවැනි අභීත ප්‍රකාශ කිරීමෙන් ඔබ්බට,මෙවැනි සංගම් සහ නිලධාරීන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට තමන් සතු බලය භාවිතයට ගන්නේ කෙසේද යන්න පිළිබදවත් අප විමසිල්ලෙන් සිටිනවා.බල්ගේරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් නොමැති අතර එහි කටයුතු අවරණය වන්නේ පෝලන්තයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහායි.මෙහි පහත එම කාර්යාලය සම්බන්ධ කර ගැනීමට හැකි තොරතොරු සදහන් කරන අතර රාජ්‍ය මට්ටමෙන් එම කාර්යාලය සමග සම්බන්ධ වී සුසන්ත වෙනුවෙන් යම් මැදිහත් වීමක් කිරීමට උත්සාහ දැරීමට අභිත වීමත් ස්නූකර් සහ බිලියඩ් සම්මේලනයට එරෙහිව කළ අභීත ප්‍රකාශ තරමටම වටිනවා.
Embassy of Sri Lanka in Poland
Niedwiedzia Street 2 C, 02 - 737, Warsaw, Poland
Niedwiedzia Street 2 C, 02 - 737, Warsaw, Poland
Telephone 0048 22 8538896/97
මේ අතර තරගාවලියට සහභාගිවන නරේෂ් ද,ඊයේ සිය ප්‍රථම ජයග්‍රහණය ජර්මණියේ තෝමස් බතාර් ට එරෙහිව 4 - 0 ක් ලෙස වාර්තා කළා.ඊට පෙර පැවති තරග දෙකම ඔහු 4 - 1 ලෙස පරාජයට පත් වුණේ ඉරානයේ ඒෂාන් හයිදරි නේෂාඩ්ට සහ අයිල් ඔෆ් මෑන් හී ඩැරී හිල්ට යි.www.supirikrida.com
No comments:
Post a Comment