ලකුණු 12 ට කඩුලු 3 ක් ව තිබූ ශ්‍රී ලංකා ලකුණු පූවරුව ඉහළ දැමීම වෙනුවෙන් වගකීමෙන් යුත් ඉණිමක් දියත් කළ තරංග පරණවිතාන (40) සහ ඇන්ජලෝ මැතිව්ස් (47) තෙවන කඩුල්ලට ලකුණු 90 ක සබදතාවයක් ගොඩ නැගුවද,ලකුණු පූවරුව 128 ක් වන විට යළිත් ශ්‍රී ලංකාවේ දැවී ගිය කඩුලු ප්‍රමාණය 6 ක් බවට පත් වී තිබිණ.එතැන් පටන් තිලාන් සහ සුරාජ් රන්දිව් ඊයේ දිනය නිමා වන තෙක් ශ්‍රී ලංකා කන්ඩායමේ කඩුලු බිද වැටීමට තිත තැබුවේ 7 වන කඩුල්ලට ලකුණු 97 ක සබදතාවයක්ද එක් කරමින්ය.
නමුත් තරගයේ සිව්වන දිනය ඇරඹෙන විටත් තරගය පවතින්නේ නවසීලන්තයට වැඩි ජයග්‍රාහී අවස්ථාවන් සහිතව වන අතර ශ්‍රී ලංකාව ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමෙන් මෙම තරගාවලිය ජය ගැනීමට ඇති අවස්ථාව මූලික කර ගෙන සටනට පිවිස සිටින්නේය.ලකුණු 187 ක් මේ වන විටත් පිටු පසින් සිටින ශ්‍රී ලංකාව තරගයේ සිව්වන දිනයේ තේ පානය දක්වා හෝ සිය ඉනිම දීර්ඝ කර ගත යුතු අතර එසේ වුවහොත් ශ්‍රී ලංකාවට නවසීලන්ත ලකුණු ප්‍රමාණය ඉක්මවා යාමට නොහැකි වුව ද,අඩු තරමේ නවසීල්නත ප්‍රථම ඉණිම සහ ශ්‍රී ලංකා ප්‍රථම ඉණිම අතර ලකුණු ප්‍රමාණය දැඩි අභියෝගයක් ඇති නොවන තත්ත්වයකට අඩු කර ගැනීමට හැකි වනු ඇත.නමුත් දැනටත් ටිම් සවුති ශ්‍රී ලංකාවේ අහිමි වූ කඩුලු හයෙන් හතරකම හිමිකරුවා බවට පත් වී ඇති අතර ඔහුගේ වේගය මෙන්ම ක්‍රමයෙන් දග කැවීමේ පහසුව පිණිස සැකසෙමින් පවතින් සරවනමුත්තු පිටයේ ජේට්න් පටෙල් ද ශ්‍රී ලංකාවට විශාල අභියෝගයක් විය හැකිය.පහත දැක්වෙන්නේ තරගයේ ලකුණු විස්තරයට පිවිසිය හැකි සබදතාවය යි.
http://www.espncricinfo.com/sri-lanka-v-new-zealand-2012/engine/current/match/582193.html
www.supirikrida.com
No comments:
Post a Comment