![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjjAQrRFDwkVWlGBnYtDOqdWOO7y5lbBjEdh6BgApxBjGLHTLQv1AwAGR1DD5oKTJXTCny-BqD1Ux3fFhS2rw_EqpFzuwOK0jYlgRq55PGU8PiQvRrVgvvH7atvYlZFyuZUdYVOq6NoReND/s400/champi's+article.jpg)
එසේම මෙවර ක්‍රීඩා උළෙලට අලුතින් බීච් වොලිබෝල් ක්‍රීඩාව හදුන්වා දුන් බව පෙන්වා දුන් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා එය ඉදිරි වසරේ සිට පදක්කම් පිරිනැමෙන තරගයක් ලෙස ක්‍රියාවට නැගෙනු ඇතැයි ද පෙන්වා දුන්නේය.මෙවර ක්‍රීඩා උළෙලේ සමස්ත වියදම මිලියන 59 ක් වන බව පෙන්වා දුන් හෙතෙම ප්‍රචාරණය සම්බන්ධ කාරණාවල දී,එකම ආකාරයට සියල්ල පළ කිරිමත් මෙවර ක්‍රීඩා උළෙලට එකතු වූ අලුත් සම්ප්‍රදායක් බව පැවසීය.
මෙවර ක්‍රීඩා උළෙලට හදුන්වා දුන් පරිසාධන මට්ටම ඉක්මවා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා උළෙලට ඇතුළත් වීමේ හැකියාවක් ලබා දී ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පළාත් මට්ටමට සහභාගි නොවී තරග වැදීමේ හැකියාව ඇත්තේ එවැනි ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට පමණක් බව උදාහරණ සහිතව පෙන්වා දුන්නේය.ජාතික මලල ක්‍රීඩා සංගමය මෙහෙය වූ ජාතික ක්‍රීඩා උළෙලේදී සුළගේ වේගය මැනීමේ උපකරණ ක්‍රියා විරහිත වීමෙන් ජාතික වාර්තාවක් අහිමිවන්නට ගිය බව අප වෙබ් අඩවිය පෙන්වා දුන් අතර එවැනි සිද්ධියක් ඇති නොවන්නට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද යන්න ද විමසා බැලීය.
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සතුව එවැනි උපකරණ දෙකක් ඇති බව පෙන්වා දුන් හෙතෙම එය ඕනෑම ජාතික මට්ටමේ ක්‍රීඩා උළෙලකට ලබා දෙන බවත් එදින ද එම ගැටළුව ඇති වූ පසුව ඒ සදහා ඉල්ලීමක් පැමිණි බවත් ඒ අනුව විනාඩි 10 ක් තුළ සිය ආයතනයේ නිලධාරිණියක් එය නිකුත් කිරීමට කටයුතු කළ බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසීය.එසේම එහිදී ප්‍රධාන තීරක උපකරණ ක්‍රියාවිරහිතනම් තරගය නොපැවත්විය යුතුව තිබුණු බව පෙන්වා දුන් හෙතෙම,ඒ ගැන ද සැළකිල්ල යොමු කර මෙවර ක්‍රීඩා උළෙලට පෙර තරගයක් පැවත්විය යුතු ආකාරය පිළිබදව සියළුම තාක්ෂණික උපදෙස් රූපමය වශයෙන් ලබා දීමට පියවර ගෙන තිබෙන බවද පැවසීය.
ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ගම් මට්ටමේ ග්‍රාමසේවකවරු හරහා ක්‍රීඩාවට විශාල සේවයක් ලබා ගත හැකි බව පෙන්වා දෙමින් ඔවුන් හරහා සැගවී සිටින දක්ෂයන් සොයා ගැනීමේ වැඩි ඉඩ-කඩක් නිර්මාණය කර ගැනීමට හැකි බව ද පෙන්වා දුන්නේය.මේ තත්ත්වය තේරුම් ගෙන එලැඹෙන වසරේ ජාතික ක්‍රීඩාවේ ආරම්භය ගමට යනු ඇති බවත් ඒ අනුව ග්‍රාම සේවා මට්ටමේ සිට වැඩි පිරිසක් දායක වන ආකාරයෙන් ක්‍රීඩා උළෙලේ ව්‍යාප්තියක් සිදුවනු ඇති බවත් අධ්‍යක්ෂ ජෙනරාල්වරිය පැහැදිළි කළේය.
No comments:
Post a Comment