මේ දක්වා ශ්‍රී ලංකාව බිහිකළ සුපිරිතම වේග පන්දු යවන්නා බවට අවිවාදිත චමින්ද වාස් නවසීලන්ත පුහුණුකරුවන්ගේ සංචිතයේ වේග පන්දු පුහුණුව සදහා සහය කර ගැනීමට නවසීලන්තය ගත් තීරණය සාධාරණ බව සනාත කරමින් දග පන්දුයවන්නන්ට උචිත සරවනමුත්තු තණතීරුව තුළ සිය වේගපන්දුව යොදවා ශ්‍රී ලංකා පිතිකරුවන් දඩයම් කරමින් නවසීලන්තය පැහැදිළි කරමින් සිටියි.ගෞරවණිය සමුගැනීමකට පවා ඉඩ නොතබා කණ්ඩායමෙන් ඉවත් කරන්නට යෙදුණු වාස් පිළිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ඉන් පසුව හෝ අවධානය යොමු නොකළ අතර නවසීලන්තය මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකාව පැහැර හරින ලද වගකීමෙන් උපරිම ප්‍රයෝජන ලබමින් වාස් සිය වේග පන්දු බල ඇනියට පුහුණුව ලබා දීම සදහා කැදවනු ලැබුවේය.
පළමු ටෙස්ට් තරගය පරාජයට පත්වීමෙන් ඉනික්බිති දෙවන ටෙස්ට් තරගයට පිවිසි නවසීලන්ත පිතිකරුවන්ගේ විශ්වසනීය පිතිහරඹය මෙන්ම ඔවුන්ගේ වේග පන්දු යවන්නන් විසින් ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ හැකියාව දඩයම් කිරිමට යොදා ගත් පන්දු යැවීමේ හැකියාවද නිසා අද එම ටෙස්ට් තරගයේ අවසාන දිනය වන විට ශ්‍රී ලංකාව තරගයේ පරාජයට වැඩි සමීපතාවයක් දක්වන තත්ත්වයට කැදවා ගෙන එන්නට නවසීල්නතයට හැකි වී ඇත.
ලකුණු 362 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකාවට මේ වන විටත් කඩුලු 4 ක් ලකුණු 47 ක් තුළ අහිමි වී ඇති අතර ඒ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ප්‍රබලතම පිතිකරුවන් තිදෙනා ලෙස නම් දරා සිටින මහේල ජයවර්ධන,කුමාර සංගක්කාර සහ ටීඑම් ඩිල්ෂාන් ද වෙති.දැනට පන්දුවට පහර දෙන තිලාන් සමරවීර සහ ඇන්ජලෝ මැතිව්ස් ගෙන් පසුව ශ්‍රී ලංකාවට තරගය රැක ගත හැකි පිතිකරුවෙක් පෙනෙන්නට නොමැති අතර පරාජය නොවී සිටින්නට හැකි හොදම ඉඩ - කඩ බවට බලාපොරොත්තු ඇති කරමින් තිබෙන්නේ මේ වන විට කොළඹ අහසේ ඉහළින් මුදුන් වෙමින් තිබෙන වැහි වළාකුළු ය.
ටිම් සවුති මෙන්ම ඩග් බ්‍රේස්වෙල් ද කඩුලු දෙක බැගින් දඩයම් කරගෙන ඇති අතර පළමු ඉණිමේ ශ්‍රී ලංා පසුපෙළ විනාශ කරමින් කඩුලු 4 ක් බිද දැමූ ට්‍රෙන්ට් බෝල්ට් ද සූදානමින් සිටීම ශ්‍රී ලංකාවට යහපත් තත්ත්වයක් නොවන්නේය.අඩුම තරමේ මැතිව්ස් සහ සමරවීර තේ පානය දක්වා හෝ කඩුලු රැක ගත යුතු අතර නමුත් උදෑසන පන්දුවේ දෝලනයක් සිදු වීමට විශාල ඉඩ - කඩක් ඇති වීම සමග මැතිව්ස්ට සහ සමරවීරට කඩුල්ල තුළ තැන්පත් වීමට ඉඩ ලැබීම අවිශ්වසනීය තත්ත්වයකි.මෙම තරගය පරාජය වුවහොත් ශ්‍රී ලංකාවට තරගාවලිය ජය ගැනීමට ඇති ඉඩ අහිමිව යන අතර එසේම ඕස්ට්‍රේලියානු සංචාරයට නායක මයිකල් ක්ලාක් ඇතුළු කන්ඩායම දැඩි ජයග්‍රාහී මානසිකතවයකින් සිටියදී මුහුණ දීමේදී යම් චකිතයක් ඇති කරන්නට ද එය හේතුවක් විය හැකිය.
තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවයෙන් පිවිසිය හැකිය.
No comments:
Post a Comment