එවැනි රටක ජීවත්වන 28 හැවිරිදි මරියල් ගේ පවුලේ 28 දෙනෙකු යුධමය තත්ත්වය මත ආරක්ෂක හමුදා වල ගොදුරු බවට පත් වි සිටියි.එක්සත් ජනපද සරණාගත කදවුරක ජීවත් වන මරියල් මෙන්ම ඔවුන්ගේ මුළු පවුලම සරනාගතයින් වන අතර මරියල් ගේ ඔලිම්පික් ධාවනය නැරඹීමට ඔහුගේ පියාට අල්ලපු නගරයක් දක්වා රුපවාහිණියක් සොයා දිගු ගමණක් එන්නට සිදුවනවා ඇත.
දිගු කාලයක්,දිගු දුරක් දරා ගනිමින් ධාවනයේ යෙදෙන්නට ඇති ශාරිරික හැකියාව, දිගු වෑයමකින් උණ්ඩයට හසු නොවි සිටීමේ අවස්ථාව නිර්මාණය කරගත් මරියල් ට එතරම් අපහසුවක් දනවන දෙයක් නොවන බව ප්‍රායෝගික ඇත්තකි.ඒ නිසා දකුණු සුඩානයෙන් තරග වැදීමේ සිය පෞද්ගලික අවශ්‍යයතාව පිළිගත් ලෝක සදාචාරය විසින් අහිමි කර දැමුව ද,ලෝකය තුළ සිය හැකියාව වසා නොතබා විවර කරන්නට මගක් ඇති බව පසක් කරමින් ජගත් ඔලිම්පික් කමිටු ධජය යටතේ මැරතන් ධාවනයට එන මරියල් ට,ජය සංඛේත පූවරුව මතට ගොඩ වන්න ද හැකියාවක් නැතැයි කිසිවෙකුටත් කිව නොහැකිය.
No comments:
Post a Comment